ඉන්ධන සංචිත ගැන අලුත් ආරංචියක් එළියට

  විනිමය හා ආර්ථික අර්බුදය හමුවේ දුර්වලව පැවැති මෙරට ඉන්ධන සංචිත මේ වනවිට ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එම සංස්ථාව සදහන් කළේ පසුගිය පෙබරවාරි මාසයෙන් පසුව ඉන්ධන සංචිත ශක්තිමත් තත්ත්වයකට පැමිණ ඇති අතර රටේ මූලික අවශ්‍යතා සම්පූර්ණ කළ හැකි ඉන්ධන සංචිත ප්‍රමාණයක් මේ වනවිට පවතින බවය. ලංකා ඛනිජ තෙල්…

Read More

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක්

  කොළඹ 11, 12, 13, 14 හා 15 යන ප්‍රදේශවලට ලබන දෙසැම්බර් මස 02 වැනිදා රාත්‍රී 10.00 සිට පසුදින (03) දවල් 01.00 දක්වා පැය 15ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලව පවසනවා. ඒ, අඹතලේ බලශක්ති වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අදාළව නව සම්ප්‍රේශණ නල එළීම හේතුවෙන්.

Read More

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උපකාර කළ පුද්ගලයන් තිදෙනෙකු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සමඟ හසුවෙයි

  මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට උපකාර කළ පුද්ගලයන් තිදෙනෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ ඇල්විටිවෙළ, රාගම ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.ඒ, ගෝනහේන විශේෂ කාර්ය බලකාය කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුවයි.පසුගිය 28 වැනිදා රාගම, ඇල්විටිවෙළ ප්‍රදේශයේ පිහිටි නිවසක උඩුමහලේ කාමරයක් තුළ දී සිදුකළ මෙම වැටලීමේ දී මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් පුද්ගලයන් තිදෙනෙකු…

Read More

කටකතාවල කියන පරිදි අත්‍යාවශ්‍ය ඖෂධවල හිඟයක් නැහැ – සෞඛ්‍ය ඇමති

  කටකතාවල සදහන් පරිදි අත්‍යවශ්‍ය ඖෂධ හිගයක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. ඔහු කියා සිටියේ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 14 ක් සැපයීම සඳහා චීනය විසින් ලබාදී ඇති ඇ.ඩො. මිලියන 28 ක ප්‍රදානය යොදාගෙන ඇති බවයි. තවද, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතා සපුරාලීම සඳහා ඉන්දියානු ණය මාර්ගයෙන් ඩොලර් මිලියන 200 ක ප්‍රතිපාදන වෙන් කර ඇති බවද අමාත්‍යවරයා…

Read More

මත්ද්‍රව්‍ය පානය කරන රියදුරන් පරීක්ෂා කිරීම ලබන වසරේ මුල ආරම්භ වෙයි

  මත්ද්‍රව්‍ය පානය කරන රියදුරන් පරීක්ෂා කිරීම ලබන වසරේ මුල සිට බස්නාහිර පළාතේ ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඒ අනුව කොකේන්, හෙරොයින් වැනි අනෙක් මත්ද්‍රව්‍ය භාවිත කරමින් වාහනවල ගමන් ගන්නා රියදුරන් මෙලෙස පරික්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. මේ සඳහා අවශ්‍ය උපකරණ 5,000ක් මේ වන විට පොලීසිය වෙත ලබාදී ඇති බවත්…

Read More

තරුණ ප්‍රජාව අතර ඒඩ්ස් ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවයක්

  මෙම වසරේ ගෙවී ගිය කාර්තු 03 ක කාලය තුළ HIV/AIDS ආසාදිතයන් 429 දෙනෙකු වාර්තා වී ඇති බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ පවසනවා. එහිදී පිරිමි පාර්ශවයෙන් ආසාදිතයන් ප්‍රමාණය වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි ඔහු කියා සිටියේ. පසුගිය වසරේ දී පිරිමි පුද්ගලයින් 05 දෙනෙකුට 01 කාන්තාවක් ලෙස ආසාදිතයන් වාර්තා වීමේ අනුපාතයක් තිබුණත් මෙවර…

Read More

මාණ්ඩලික නිලධාරීන්ගේ ඇඳුම් සම්බන්ධව නිකුත් කළ චක්‍රලේඛ දෙකක් අහෝසි කෙරේ

  රජයේ මාණ්ඩලික නිලධාරීන්ගේ ඇඳුම් සම්බන්ධව 2019.06.26 සහ 2022.09.27 නිකුත් කරන ලද චක්‍ර ලේඛයන් දෙකක් අහෝසි කර තිබෙනවා. ඒ පසුගිය 28 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ගත් තීරණයකට අනුවයි.

Read More

තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමකින් පුද්ගලයෙක් මරුට

  හික්කඩුව – වෑවල ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් සිදු කළ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. ඒ අනුව අද (30) පෙරවරුවේ හික්කඩුව – වෑවල ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැළකට කඩාවැදුණු පුද්ගලයින් දෙදෙනෙකු මියගිය පුද්ගලයාට සහ ඔහුගේ බිරිඳට තියුණු ආයුධවලින් පහරදී ඇති බවයි සඳහන් වන්නේ. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ කාන්තාව කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර අදාළ සිද්ධියෙන් මියගොස්…

Read More
Back To Top