තරුණ ප්‍රජාව අතර ඒඩ්ස් ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවයක්

 

මෙම වසරේ ගෙවී ගිය කාර්තු 03 ක කාලය තුළ HIV/AIDS ආසාදිතයන් 429 දෙනෙකු වාර්තා වී ඇති බව ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ පවසනවා. එහිදී පිරිමි පාර්ශවයෙන් ආසාදිතයන් ප්‍රමාණය වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි ඔහු කියා සිටියේ.

පසුගිය වසරේ දී පිරිමි පුද්ගලයින් 05 දෙනෙකුට 01 කාන්තාවක් ලෙස ආසාදිතයන් වාර්තා වීමේ අනුපාතයක් තිබුණත් මෙවර එය පිරිමි පුද්ගලයින් 07 දෙනෙකුට 01ක් කාන්තාවක් ලෙස වර්ධනය වී ඇති බවත් වෛද්‍යවරයා අවධාරණය කරනවා.

මෙලෙස හඳුනා 429 දෙනාගෙන් 148 දෙනෙකු වයස අවුරුදු 15 – 30 අතර පසුවන තරුණ පිරිස බවත් එම 148 දෙනාගෙන් කාන්තාවන් සිටින්නේ 08 දෙනෙකු පමණක් වන බවත් විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ කියා සිටියා. ඔහු වැඩිදුරටත් කියා සිටියේ තරුණ ප්‍රජාව අතර HIV/AIDS වාර්තා වීමේ වැඩි ප්‍රවණතාවයක් හඳුනා ගෙන ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top