රග්බි කණ්ඩායමේ නායිකාව කොරියාවේ දී අතුරුදන්

  ආසියානු සත් සාමාජික තරගාවලියට සහභාගී වීම සඳහා මේ වනවිට (14) දකුණු කොරියාවට ගොස් සිටින ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායමේ නායිකා දුලානි පල්ලෙකොණ්ඩගේ අතුරුදන් වී ඇති බවට වාර්තා වනවා. ඇය ඊයේ (13) දිනයේ දී සිය තරගයට එක්වීමෙන් අනතුරුව මෙලෙස අතුරුදන්ව ඇති බවටයි වාර්තා වන්නේ. සිය කණ්ඩායමේ සාමාජිකාවක් මෙලෙස අතුරුදන් වීම සම්බන්ධයෙන් රග්බි කණ්ඩායමේ කළමනාකරු විසින්…

Read More

ධනුෂ්ක වෙනුවෙන් තවත් ඇප ඉල්ලීමක්

  ඔස්ට්‍රේලියාවේ රක්ෂිත බන්ධනාගාරගතකර සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සිය දෙවැනි ඇප අයදුම්පත නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. ඒ අනුව එම ඇප අයදුම්පත ලබන දෙසැම්බර් 08වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය ඇති බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි. dating app ඔන්ලයින් යෙදවුමක් හරහා හමුවූ 29 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට සිඩ්නි නුවර…

Read More

අහංගම මුහුදේ සිටි කිඹුලා අල්ලාගත් මෙහෙයුම

      අහංගම නගරයට ආසන්න වෙරළ තීරයේ සැරිසැරූ කිඹුලෙකු ධීවරයන් සහ ප‍්‍රදේශවාසීන් එක්ව අද (14) උදෑසන අල්ලා ගැනීමට සමත්ව ති‌බේ. එම කිඹුලා අඩි 5යි අඟල් 8ක් පමණ වන ගැට කිඹුල් වර්ගයට අයත් බවට වාර්තා වේ. ධීවරයින් සහ ජනතාව කිඹුලා පිළිබඳව අහංගම පොලීසිය සහ හික්කඩුව වනජීවී කාර්යාලයේ නිලධාරින් ව දැනුවත් කළ ද අද (14) උදැසන…

Read More

චීනයෙන් නොමිලේ ඩීසල් ලීටර් ලක්ෂ 75ක්

  චීන ආධාර යටතේ මෙරටට හිමිවන ඩීසල් ලීටර් ලක්ෂ 75ක් කෘෂිකාර්මික කටයුතු සඳහා නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කරයි. එම පරිත්‍යාගය හිමිව ඇත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීන රජයෙන් කළ ඉල්ලීමක් අනුවය. මෙරට කෘෂිකාර්මික හා ධීවර කටයුතු සඳහා ඉන්ධන ලීටර් මිලියන 10.6ක් ලබාදීමට චීන රජය එකඟත්වය පළකර ඇති අතර ඉන් ලීටර් ලක්ෂ…

Read More

ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් CEYPETCO ආයතනයට රුපියල් 126 ක ලාභයක්

  මිල සංශෝධනයෙන් පසු CPC ඛනිජ තෙල් නිෂ්පාදන පිරිවැය සම්බන්ධයෙන් වාර්තාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. අදාළ වාර්තාවට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් 22.71 ක ලාභයක් ලබන අතර ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් ලබන ලාභය රුපියල් 126.49 ක් වනවා. එසේම ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 0.89 ක…

Read More

ජර්මන් ජාතිකයෙක් අත්අඩංගුවට

  වීසා නොමැතිව මෙරට රැඳී සිටි ජර්මන් ජාතිකයෙකු කළුතර උතුර පොලිස් වසමේ වස්කඩුව ප්‍රදේශයේ හෝටලයකදී අත්අඩංගුවට ගෙන ති‌බේ. ඊයේ (13) සවස් කාලයේදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අද (14) මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read More

ලෝක කුසලාන තරගාවලියෙන් පසු සුපිරි ක්‍රීඩකයෙක් ඉවත්වීමේ සුදානමක්

  ලබන වසරේ අළු බඳුන තරගාවලියෙන් පසුව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙරව T20ලෝක කුසලාන තරගාවලියෙන් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට අනපේක්ෂිත ලෙස ඉවත්වීමට සිදුවුණි. එම සිදුවීමත් සමග වෝනර් සහ ඔස්ට්‍රේලියානු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කිහිපදෙනෙකුම දැඩි ලෙස කම්පනයට ලක්ව ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියානු හිටපු…

Read More

ධනිෂ්කගේ දෙවැනි ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර් 08

  ස්ත්‍රී දූෂණ චෝදනාවකට ලක්ව මේ වනවිට (14) ඔස්ට්‍රෙලියාවේ නිව් සවුත්වේල්ස් පොලිස් අත් අඩංගුවේ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලක සිය දෙවැනි ඇප ඉල්ලීම් පත්‍රය යොමු කර තිබෙනවා. ඒ අනුව අදාළ ඇප ඉල්ලීම සලකා බැලීම දෙසැම්බර් මස 08 වැනි දින නිව් සවුත්වේල්ස් අධිකරණය විසින් සිදු කරනු ලැබීමට නියමිතයි.

Read More

යූරියා රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට පැමිණෙයි

  යූරියා පොහොර මෙට්‍රික් ටොන් 22,000 ක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරායට ළඟාවූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. මෙවර මහ කන්නයේ වී හා බඩඉරිඟු වගාවන් සදහා අවශ්‍ය යූරියා පොහොර මිලදී ගැනීමට ලෝක බැංකුව විසින් ලබාදුන් අමෙරිකානු ඩොලර් මිලියන 105 ක මූල්‍ය ප්‍රතිපාදන යටතේ, මෙරටට පැමිණි දෙවන නෞකාව මෙය බවයි සඳහන් වන්නේ. මෙම නෞකාව මැලේසියාවේ සිට පැමිණ…

Read More

සේවයට වාර්තා නොකළ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සඳහා පොදු සමා කාලය හෙට ආරම්භ වෙයි

  නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා පොදු සමා කාලය හෙට (15) ආරම්භ වනවා. ඒ අනුව හෙට (15) සිට දෙසැම්බර් මස 31 වන දින දක්වා එම පොදු සමා කාලය ලබාදී ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ. මේ වසරේ ඔක්තෝබර් මස 25 වනදා හෝ ඊට පෙර නිවාඩු නොලබා…

Read More
Back To Top