බේරුවල මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් ගිනිඅවියක් සොයා ගැනේ.

  බේරුවල – දීනගොඩ ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසක තිබී ගිනි අවි 3ක් සහ ජීව පතොරම් 630ක් සමඟ සැකකාර ව්‍යපාරිකයා බේරුවල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බේරුවල නගරයේ ගමන් ගත් පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ගමන් මල්ල තුළ සඟවා තිබූ ජීව උණ්ඩ 50ක් හමුවීමත් සමග ඔහු ලබාදුන් තොරතුරුවලට අනුවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රිපීටර් සහ රයිෆල් අවි…

Read More

ශ්‍රී ලාංකිකයන් 05ස් දෙනෙන්කු ඉන්දීයාවේදී අත්අඩංගුවට

  ඉන්දීය විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කළ ශ්‍රී ලාංකිකයන් 05 දෙනෙකු ඉන්දියාවේ බැංගලූර් හීදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. බැංගලූර් පොලීසිය විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය වාර්තා සඳහන් කළේ. අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් ඇතුළු පිරිස රටවල් කිහිපයකට වීසා ලබා ගැනීමේ අරමුණින් මෙලෙස ව්‍යාජ ලියකියවිලි ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍ර ගැනීමට…

Read More

අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට පියවර

  අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය පවසනවා. අදාළ යාත්‍රාව අනතුරට ලක්වනවාත් සමග එම නෞකාවේ සිටි සේවකයින් පළාගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් මියන්මාර ධජය සහිත LADY R3 ධීවර…

Read More

මුදල් සොරකම් කරන කණ්ඩායමක සිව්දෙනෙක් අත්අඩංගුවට

  දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී විවිධ පුද්ගලයින් රවටා මුදල් සොරකම් කරන ලද කණ්ඩායමක සැකකරුවන් සිව්දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මෙම සැකකරුවන් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින පුද්ගලයින්ට ශ්‍රි ලංකා රුපියල්වලට ඩොලර් මාරුකර දෙන බව පවසමින් සහ විවිධ වාහනවල අමතර කොටස් අඩු මුදලට ලබාදෙන බව පවසා මුදල් වංචා කර ඇති බවට අනාවරණය වී ඇති බවයි…

Read More

කඩුලු 10 ක විශිෂ්ට ජයක් සමඟ එංගලන්තය අවසන් මහා තරඟයට

  මෙවර T20 ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරඟය ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 10 ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබා…

Read More

ක්‍රීඩා ඇමතිත් ධනිෂ්කට දෙහි කපයි

  ලිංගික බලහත්කාරකම් චෝදනාවක් සම්බන්ධයෙන්, ඔස්ට්‍රෙලියාවේ බන්ධනාගාරයක රඳවා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.ට්විටර් පණිවිඩයක් ඔස්සේ මෙම ප්‍රකාශය කරන අමාත්‍ය රොෂාන් රණසිංහ කියා සිටින්නේ, ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් අගතියට පත් පාර්ශවයෙන්, ඔස්ට්‍රෙලියානු රජයෙන්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් සහ ඔස්ට්‍රෙලියානු ජනතාවගෙන් සමාව අයැද සිටින බවයි.එම පණිවිඩය මගින්…

Read More

එංගලන්තයට ලකුණු 169 ක ඉලක්කයක්

  මෙවර T20 ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරඟය ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර මේ වන විට පැවැත්වෙනවා. ඒ අනුව තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුලු 6 ක් දැවී ලකුණු 168 ක් ලබා ගැනීමට සමත් වුණා. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 169 ක්.

Read More

නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමේ යෝජනාව වසර 3 කින් කල් දමන ලෙස ඉල්ලීමක්

  නීති විද්‍යාලයේ විභාග ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් පැවැත්වීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීම වසර 3 කින් කල්දමන ලෙස නීති අධ්‍යාපන සභාවෙන් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා. ඒ අනුව 2026 ජනවාරි 01 වනදා දක්වා එය කල් දමන ලෙස නීති අධ්‍යාපන සභාවෙන් ලිඛිතව ඉල්ලා සිටි බවයි අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළේ. මීට අදාළව 2020 වසරේ පළ…

Read More

වසන්ත මුදලිගේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග

  අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වහාම මහේස්ත්‍රාත්වරයෙකු වෙත ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. එසේම ඔහු කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇති බවයි සඳහන් වන්නේ. වසන්ත මුදලිගේ දින 90ක කාලයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අතර, ඔහු රඳවා තබා ගැනීම අභියෝගයට ලක්කරමින් ගොනුකර…

Read More

ඇඹුල් කෙසෙල් තොගයක් ඩුබායි වෙළඳපලට

  මෙරටින් පළමු වරට විදේශ වෙළඳපොලට අපනයනය කරන ලද ඇඹුල් කෙසෙල් කිලෝග්‍රෑම් 12,500ක තොගය ඩුබායි බලා අපනයනය කිරීමට නියමිතයි. ඒ අනුව, මෙම කෙසෙල් තොගය එළඹෙන 26 වනදා එහි යැවෙනු ඇත. නව කෘෂි තාක්ෂණය යොදා ගනිමින් රාජාංගනය ප්‍රදේශයේදී මෙම ඇඹුල් කෙසෙල් වගාව සිඳුකර තිබුණා.

Read More
Back To Top