ඊලොන් මස්ක්ගේ වත්කම අඩු වෙයි

  ලොව ධනවත් ම පුද්ගලයා වන ඊලෝන් මස්ක්ගේ වත්කම ඩොලර් බිලියන 200ට අඩු වී තිබෙනවා. ඔහු විසින් ඇමරිකානු ඩොලර් බිලියන 44 වැය කර ට්විටර් සමාගම මිල දී ගැනීම හා ටෙස්ලා සමාගමේ කොටස්වල මිල ගණන් පහළ යාම මීට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඊලෝන් මස්ක්ගේ මේ වනවිට වත්කම ඩොලර් බිලියන 195ක්.  

Read More

පහළ වායුගෝලයේ කැළඹීමක් – තද වැසි තවදුරටත්

  ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින පහළ වායුගෝලයේ කැළඹිලි තත්ත්වය ඉදිරි පැය 48 තුළදී තවදුරටත් වර්ධනය විය හැකි බැවින් ඉදිරි දින කිහිපයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි බලපෑමෙන් නැගෙනහිර, ඌව, උතුර, උතුරුමැද පළාත්වලට මෙන්ම මාතලේ දිස්ත්‍රික්කයට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව…

Read More

එළවළු මිල තවත් අඩුවෙයි

  එළවළු වෙළඳපලේ මාළුමිරිස් හැර අනෙකුත් එළවළුවල මිල තවදුරටත් අඩුවීමක් පෙන්නුම් කරනවා. පෑලියගොඩ මැනිං වෙළඳපලේ මාළුමිරිස් කිලෝග්‍රෑමයක තොග මිල අද රුපියල් 750 ක් 800 ත් අතර අගයකින් සටහන් වුණා. දඹුල්ලේ එම අගය රුපියල් 600 ක්. කැප්පෙටිපොල ආර්ථික මධ්‍යස්ථානයේ මාළු මිරිස් කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 600 ක් ලෙස දැක්වුණු අතර, නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේද මාළු මිරිස් කිලෝග්‍රෑමයක…

Read More

ආගමන විගමන දෙපාර්තමේන්තු අද සිට සාමාන්‍ය පරිදි

  ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂය ඊයේ (08) රාත්‍රියේ යථා තත්වයට පත් කෙරුණා. ඒ අනුව අද සිට සාමාන්‍ය පරිදි විදේශ ගමන් බලපත්‍ර නිකුත් කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Read More

ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්වූ ශ්‍රී ලාංකිකයින් වියට්නාමයේ වරායකට රැගෙන යයි

  සිංගප්පූරුවට ආසන්න ජාත්‍යන්තර මුහුදේදී අනතුරට ලක්ව මුදාගත් යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 303 දෙනා මේ වනවිට වියට්නාමයේ හැනෝයි අගනුවරට කිලෝමීටර 1800ක් දුරින් පිහිටි වුන්ග් ටාඕ වරායට රැගෙනවිත් තිබෙනවා. ඔවුන් ආපදාවට පත්ව සිටි යාත්‍රාවෙන් මුදාගෙන මෙලෙස එම වරායට රැගෙනවිත් ඇති බවයි ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානය කියා සිටියේ. ඊයේ දිනයේ දී අදාළ යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු නාවික හමුදාව…

Read More

ලේ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

   රෝගියකුට රුධිරය දීමට පෙර ඒඩ්ස්, එප්ටයිසීස් බී හා සී රෝගය පරීක්ෂා කරන එලයිසා කියන රසායනය තව ඇත්තේ, සතියකට පමණක් බව රුධිර පාරිවිලයන සේවයේ ජාතික අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මි එදිරිසිංහ පවසනවා.එය යථාවත් කර ගැනීමට නො හැකි වුව හොත් බරපතළ අභියෝගයකට මුහුණ දීමට සිදු වන බව යි වෛද්‍යවරිය පවසන්නේ. සැපයුම්කරු විසින් ඊට අදාළ සැපයුම් ලබා දීමට සහතික…

Read More

පොල් සහ පොල්තෙල් පරිභෝජනයේ අඩුවක්-පොල් පර්යේෂණ ආයතනය

  පවතින ආර්ථික තත්ත්වය හමුවේ ජනතාව පොල් සහ පොල්තෙල් පරිභෝජනය අඩුකර ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසනවා. වසරකට මෙරට පොල්ගෙඩි මිලියන 1800කට වැඩි ප්‍රමාණයක් පරිභෝජනය කරන අතර එහෙත්, වසරේ මේ දක්වා කාලය තුල පොල් පරිභෝජනය සිදු කර ඇත්තේ, පොල්ගෙඩි මිලියන 1500ක ප්‍රමාණයක් බව යි එම ආයතනය ප්‍රකාශ කළේ.වෙළඳපොලේ පසුගිය කාලයේ දී පොල් මිලෙහි ද උච්චාවනයන්…

Read More

මළවුන්ගේ දිනයේ, මීගමුවේ සොහොනක සාද දැමු අය ගැන විමර්ශනයක්

  මීගමුව මහ නගර සභාවට අයත් මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේ දී මළවුන්ගේ දිනය සැමරීම සඳහා පැවති සාදයට මහ නගර සභාවේ නිලධාරීයෙකු හෝ සේවකයෙකු සම්බන්ධ වී නොමැති බව එහි නගරාධිපති දයාන් ලන්සා පවසනවා. පසුගිය 2 වනදා රාත්‍රියේ මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේ දී මළවුන්ගේ දිනය සැමරීම සඳහා මත්පැන් සාදයක් පවත්වා ඇති බවට සමාජ මාධ්‍යයේ ඡායාරූප…

Read More

හෙරෝයින් කිලෝ ග්‍රෑම් 8ක් සමඟ පුද්ගලයකු අත් අඩංගුවට

  හෙරෝයින් කිලෝ ග්‍රෑම් 9ක් සමඟ පුද්ගලයකු පොලිස් අත් අඩංගුවට පත් වී තිබෙනවා. අඹේපිටිය ප්‍රදේශයේ දී සිදු කළ වැටලීමකිනු යි මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ. බේරුවල පොලිසිය මඟින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර, සැකකරු වයස අවුරුදු 42ක පුද්ගලයෙක්.

Read More

වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද

  මේ වසරේ අවසන් චන්ද්‍රග්‍රහණය අද (08) සිදු වන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරක විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා. කෙසේ වෙතත්, එය පූර්ණ චන්ද්‍රග්‍රණයක් ලෙස සෙසු රටවට දිස්වුවද මෙරටට දිස්වන්නේ අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස යි. නැගෙනහිර ක්ෂිතිජයෙන් පස්වරු 5.48ට චන්ද්‍රයා උදා වීමත් සමඟ මෙරට වැසියන්ට එහි අවසාන කොටස පමණක්…

Read More
Back To Top