හෙට පැය 12 ක ජල කප්පාදුවක්

  හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) පෙරවරු 9.30 සිට පැය 12 ක් කළුතර ඇතුලු ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද, නාගොඩ ඇතුලු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.

Read More

පාසල් ළමුන් ඉලක්ක කර මත් කරල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට

  විශේෂ කාර්‍ය බලකායේ වව්නියාව කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව පුවරසන්කුලම් පොලිස් වසමේ 04 කණුව – වව්නියාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමක දී නීතිවිරෝධී මත් කරල් සමග පුද්ගලයෙක් අත් අඩංගුවට ගෙන තිබෙනවා.මෙම සැකකරු විසින් අන්තරාදායක ඖෂධයක් වන Pregub 150 mg වර්ගයේ මත්කරල් 539 සිය සන්තකයේ තබා ගනිමින්, එම මත් පෙති පාසල් දරුවන්ට අලෙවි කර ඇති බවයි…

Read More

චීන ගගනගාමීන් තුන්දෙනෙකු අභ්‍යවකාශ මධ්‍යස්ථානයට

  චීන ෂෙන්ෂූ 15 යානය හෙට අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා ගමන් කිරීමට සූදානම් වනවා. වයඹදිග චීනයේ ජික්වැන් මධ්‍යස්ථානයෙන් එරට වේලාවෙන් රාත්‍රී 11.08 ට අභ්‍යවකාශ මධ්‍යස්ථානය බලා දියත් කෙරෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙහිදී අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටීම සඳහා ගගනගාමීන් තුන්දෙනෙකු පිටත්ව යන අතර, ෆෙයි ජුන්ලොන්ග්, ඩෙන්ග් කිව්මින්ග් සහ ෂැන්ග් ලූ නම් ඔවුන් සියලුදෙනාම චීන…

Read More

ධීවර ජනතාවට අවශ්‍ය භූමිතෙල් බෙදාහැරීමට වැඩපිළිවෙලක්

  ධීවර ජනතාව සඳහා සහන මිලට භූමිතෙල් ලබාදීමේ කටයුතු ඉදිරියේදීත් සිදුකරන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ පවසනවා. මේ වනවිටත් කිසිඳු හිඟයකින් තොරව ධීවර ජනතාවට අවශ්‍ය භූමිතෙල් බෙදාහැරීම සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. එසේම ධීවර ජනතාව රැඳී සිටින ප්‍රදේශවල ඇති ඉන්ධන පිරවුම්හල්වලට භූමිතෙල් බෙදාහැරීමේදී ප්‍රමුඛතාව ලබාදෙන බවත් ඇනවුම් සිදුකරන සියලු ඉන්ධන පිරවුම්හල්…

Read More

සාමාන්‍ය පෙළ විභාගය 2023 අප්‍රේල් හෝ මැයි මුල පැවැත්වීමට අවධානය

  2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2023 වසරේ අප්‍රේල් මස අග භාගයේදී හෝ මැයි මස මුලදී පැවැත්වීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඒ අනුව එළැඹෙන වසරේදී නියමිත කාලය තුළ විභාග පැවැත්වීමට හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ. මේ අතර පාසල් නිල ඇඳුම් සම්බන්ධයෙන්…

Read More

නොවැම්බරයේ දින 22ක් තුළ සංචාරකයින් 41,000 ක් ශ්‍රී ලංකාවට

  2022 නොවැම්බර් මස මුල සිට 22 වනදා දක්වා කාලය තුළ දී විදෙස් සංචාරකයින් 41,308ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ අනුව වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙන් වන අතර ඉන්දියාව, එක්සත් රාජධානිය, ජර්මනිය, ඔස්ට්‍රේලියාව, අමෙරිකාව වැනි රටවලින් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බවයි සඳහන් වන්නේ. 2022 වසරේ මේ දක්වා…

Read More

අද කාලගුණය

  ඌව පළාතෙත් මාතර, හම්බන්තොට, අම්පාර සහ යාපනය දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ මිදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව…

Read More

ලයිසන් නැති අලි පහක් මුල් හිමිකරුවන්ට ලබා දෙන්නැයි දුන් නියෝගය අත්හිටුවයි

  වනජීවී දෙපාර්තමේන්තුව භාරයේ සිටින බලපත්‍ර නොමැති අලි ඇතුන් පස් දෙනෙකු මුල් අයිතිකරුවන් වෙත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දුන් නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ඊයේ (26) අතුරු නියෝගයක් නිකුත් කළා. ඒ අනුව එම නියෝගය දින 14ක කාලයක් බල පැවැත්වෙනවා.අලි ඇතුන් මුල් අයිතිකරුවන්ට ලබාදීමට එරෙහිව ගොනු කළ රිට් පෙත්සම් හතරක් ඊයේ කැඳවනු ලැබී අතර…

Read More

චීන ඉන්ධන නැව අද කොළඹ වරායට

  චීනයෙන් පරිත්‍යාග කරන ඩීසල් මෙටි්‍රක් ටොන් 9,000 රැගත් නෞකාව අද (26) කොළඹ වරාය වෙත සේන්දුවීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ එම නෞකාව මේ වනවිට සිංගප්පූරුවෙන් පිටත්ව ඇති බවයි. මෙම නෞකාවේ රැගෙන එනු ලබන ඉන්ධන ගොවීන්ට සහ ධීවර ප්‍රජාවට ලබාදීමට සැළසුම් කර තිබෙනවා.

Read More

ඔස්ට්‍රෙලියානු තරුණියක් ඝාතනය කර සැඟව සිටි ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට

  වසර හතරකට පෙර ඔස්ට්‍රෙලියාවේදී තරුණියක ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2018 වසරේදී 24 හැවිරිදි ඔස්ට්‍රෙලියානු තරුණියකගේ සිරුරක් එරට වෙරළ තීරයක තිබී හමුවී තිබුණා. කෙසේ වෙතත් ඝාතකයා කවුරුන්ද යන්න අනාවරණ වී නොතිබූ අතර, ඒ පිළිබඳ තොරතුරු ලබාදෙන්නෙකුට ඔස්ට්‍රෙලියානු ඩොලර් මිලියනයක් ලබාදෙන බවට ඔස්ට්‍රෙලියානු රජය දැනුම්දී තිබුණා. ඒ අනුව ලැබුණු තොරතුරක් මතයි…

Read More
Back To Top