ලබන වසරේ සිට රියදුරු බලපත්‍රයට අකුසලතා ලකුණු ක්‍රමයක්

  ලබන වසරේ මුල් කාර්තුවේ සිට රියදුරු බලපත්‍රය සඳහා අකුසලතා ලකුණු ක්‍රමය හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා. ඒ අනුව රියදුරෙක් විසින් මහාමාර්ගයේදී යම් වරදක් සිදුකළ හොත් දඩකොළයක් ලබාදීම මෙන්ම ඔහුට හිමි ලකුණු ප්‍රමාණයද අඩු කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ. එසේ ලකුණු 24 ක් දක්වා ලකුණු කැපුණු පසු නැවතත් අලුත්…

Read More

කුඩා ළමයින් අතර වෛරස් උණක්

  කුඩා ළමයින් අතර පැතිර යන වෛරස් උණ තත්ත්වයේ වර්ධනයක් මේ වනවිට පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඔහු කියා සිටියේ පෙනහලු ආශ්‍රිත ව දරුවන්ට පවතින රෝගී තත්ත්වයේද ඉහළ යාමක් දක්නට ලැබෙන බව යි.

Read More

ලබන මාසයේ සිට QR ක්‍රමය අවසන්ද?

  එළඹෙන මාසයේ සිට QR ක්‍රමය ඉවත්කිරීමක් සිදුනොවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඊයේ ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා මේ බව පැවසීය. ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ආකාරයට එවැනි කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවය. ඉන්ධන අර්බුදය පාලනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවූ QR…

Read More

විදේශිකයන් 3,000ක් රැගත් මඟී නෞකාවක් දිවයිනට

  එළඹෙන 28 වනදා විදේශිකයන් 3,000ක් රැගත් තවත් මගී නෞකාවක් කොළඹ වරායට පැමිණිමට නියමිත බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේ ඊයේ (21) පැවති අයවැය විවාදයට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Read More

පීඩන අවපාතය ඉන්දියාවට

  නිරිත දිග සහ ඊට යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව යාපනයට කිලෝමීටර් 410ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.00 (13.00 N) සහ නැගෙනහිර දේශාංශ 81.70 (81.70 E)හි කේන්ද්‍රගතව පැවති පීඩන අවපාතය, බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කර දකුණු අන්ද්‍රා ප්‍රදේශය සහ උතුරු තමිල්ණාඩු-පුදුචෙරි වෙරළ වෙත ළඟාවීමට වැඩි හැකියාවක් ඇති බව කාලගුණවිද්‍යා…

Read More

ඖෂධ වර්ග 152ක හිඟයක් – රෝහල් කිහිපයක් දැඩි අර්බුදයක

  මෙරටට අවශ්‍ය ඖෂධ වර්ග 152 ක හිඟයක් තවමත් පවතින බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා අද (21) අනාවරණ කළේය. අද  වැඩසටහනට එක්වෙමින් අතිරේක ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ, ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියට කල්ගතවීම ඖෂධ හිඟයට හේතුවක් වී ඇති බවය. ප්‍රශ්නය – දැන් උදේ තත්ත්වය ගත්තොත් ඇඹිලිපිටිය රෝහලේ ශල්‍යාගාරය වැඩ කරන්නේ නැහැ කියලා එයාලා…

Read More

උත්සව සමයේ බිත්තරවලට සිදුවන දේ

  බිත්තර නිෂ්පාදනය මේ වන විට සියයට 50 දක්වා පහළ වැටී ඇති බව නිශ්පාදකයින් පවසනවා. මේ වන විට වෙළදපළේ බිත්තර හිඟයක් පවතින අතර ඉදිරි උත්සව සමයේදී මෙම තත්ත්වය තවත් උග්‍ර විය හැකි බවයි ගලෙන්බිඳුණු වැව ප්‍රදේශයේ අද (21) පෑවති මාධ්‍ය හමුවකදී ජාතික සත්ත්ව නිෂ්පාදකයින්ගේ එකමුතුවේ කැදවුම්කරු සුගීව ධම්මික කියා සිටියේ.

Read More

විදේශ රැකියා නියුක්ති කාර්යාංශයෙන් විශේෂ දැනුම්දීමක්

  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා කාණ්ඩ දෙකක් සඳහා ශ්‍රමිකයින් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් යොමුකිරීමේ ලියාපදිංචි කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. විදේශ රැකියා නියුක්ති කාර්යාංශය පවසන්නේ ඒ අනුව ගෘහ සේවය සහ පිරිසිදු කිරීමේ සේවාවන්වලට අදාළ ලියාපදිංචි කටයුතු මෙලෙස තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවය.

Read More

භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

  ඉන්දුනීසියාවේ බටහිර ජාවා පළාතේ සිදුවූ භූ කම්පනයක් හේතුවෙන් මරණ 44ක් දක්වා ඉහළගොස් ඇතිබව විදෙස් මාධ්‍ය නවතම වාර්තා පෙන්වාදෙයි. එම භූ කම්පනයේ ප්බලතාවය රික්ටර් මාපකයේ 5.6ක් ලෙස සටහන්ව තිබුණි. ඒ හේතුවෙන් තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා විය. භූ කම්පනය හේතුවෙන් දැඩි බලපෑමට ලක්වී ඇත්තේ සියන්ජූර් නම් ප්‍රදේශය බවත් මෙම මරණ වාර්තා…

Read More

රුමේනියානු රැකියා ජාවාරමට ඇල්ලූ දෙදෙනෙක් රිමාන්ඩ්

  රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසා මුහුණු පොතේ දැන්වීම් පළකරමින් නීතිවිරෝධී ලෙස බදුල්ලෙ හෝටලයක සම්මුඛ සාකච්ඡාවකට තරුණ තරුණියන් කදවූ ඉතාලි ජාතිකයා සහ තවත් සැකකරුවෙකු ලබන මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඒ බදුල්ල මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එන්.ඩී ද සිල්වා හමුවට සැකකරුවන් 04 දෙනාම අද ඉදිරිපත් කළ අවස්ථාවේදීයි. එහිදී සැකකරුවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර…

Read More
Back To Top