රජයෙන් බෙදා දෙන යූරියා වල නියමිත බර නැත

  රජය විසින් ගොවීන්ට බෙදාහරිනු ලබන කිලෝග්‍රෑම් 50 හේ යූරියා මිටියක නියමිත බරට පොහොර නොමැති බව අනාවරණය වීමේ සිද්දියක් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා. ඒ, පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වෙත ලද පැමිණිලි අනුව විලච්චිය – පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයට අයත් රජයේ පොහොර ගබඩාවක් ඊයේ වටලා සිදු කළ පරික්ෂාවේදීයි. මෙහිදී ගොවිජනතාව වෙත බෙදාහැරීමට රැගෙන ආ ලොරි රථයක්…

Read More

වයිකිං මාර්ස් කොළඹ වරායට පැමිණෙයි

  සුඛෝපභෝගී වයිකිං මාර්ස් නෞකාව මීට ටික වේලාවකට පෙර කොළඹ වරායට ළඟාවී තිබෙනවා. සංචාරකයන් 900 කට ආසන්න පිරිසක් රැගෙන මෙම නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.

Read More

උතුරු කොරියාවෙන් තවත් බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමක්.

  උතුරු කොරියාව විසින් අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් දියත් කර ඇති බව දකුණු කොරියාව පවසයි. මිසයිලය ජපානයේ හොකයිඩෝ ප්‍රදේශයට කිලෝමීටර් 210ක් දුරින් වූ මුහුදට පතිත වී ඇති බවට ජපාන වෙරළාරක්ෂක බලකාය සඳහන් කර තිබුණි. අමෙරිකාව විසින් කලාපය තුළ යුදමය ශක්තිය වර්ධනය කරගැනීමට දරන උත්සාහයට දරුණු ප්‍රතිචාර දක්වන බව උතුරු කොරියානු විදේශ කටයුතු අමාත්‍ය චියෝ සොන්…

Read More

පාසල් උපකරණවල මිල ගැන සුබ ආරංචියක්

  සෙස් බදු සංශෝධනය කිරීම හේතුවෙන් අත්‍යවශ්‍ය පාසල් උපකරණවල යම් මිල වැඩිවීමක් සිදුවී ඇත් නම් එය වෙනස් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්ය. “සෙස් බද්ද වෙනස් කිරීම නිසා පාසල් උපකරණ වල මිල වැඩිවීමක් ගැන. ඒ පිළිබඳ විශේෂ සොයාබැලීමක් සිදුකරනවා….

Read More

Twitter සමාගමේ කාර්යාල ගොඩනැගිලි හදිසියේම වසා දමයි

  Twitter සමාගමේ කාර්යාල ගොඩනැගිලි වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව වසා දැමීමට පියවරගෙන තිබෙනවා. ඒ අනුව නැවතත් සඳුදා කාර්යාල විවෘත කරන බව සේවකයන්ට දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. විවිධ මාධ්‍යවල පුවත්පත් හෝ වෙනත් ස්ථානවල රහස්‍ය සමාගම් තොරතුරු සාකච්ඡා කිරිමෙන් වලකින ලෙස ද සේවකයන්ගෙන් ඉල්ලීමක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර…

Read More

මිකී ආතර් Galle Gladiators ප්‍රධාන පුහුණුකරු ධූරයට

  ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන Galle Gladiators කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් පත් කර තිබෙනවා. මිකී ආතර් මීට පෙර ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, මේ වන විට ඔහු බ්‍රිතාන්‍යයේ ඩර්බිෂයර් කණ්ඩායමේ ක්‍රිකට් ප්‍රධානියා ලෙස (Head of Cricket) කටයුතු කරනවා. මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් 6…

Read More

WhatsApp නව විශේෂාංගයක් එළිදක්වයි

  WhatsApp විසින් Android සහ iOS මෙහෙයුම් පද්ධතිය භාවිත කරන්නන් වෙත නව විශේෂාංගයක් එළිදක්වා තිබෙනවා. ඒ අනුව නවතම යාවත්කාලීන කිරීම යටතේ WhatsApp පරිශීලකයන් ට ඡන්ද විමසීමක් නිර්මාණය කිරීමේ හැකියාවක් පවතින බවයි WhatsApp බව සමාගම සිය නිල Twitter ගිණුම හරහා නිවේදනය කළේ. මෙම ඡන්ද විමසීම තනි පුද්ගල වශයෙන් හා ක්ණ්ඩායම් වශයෙන් එක් කළ හැකි අතර, උපකල්පන…

Read More

වික්‍රම් එස් අද ගුවනට

  ඉන්දියාවේ පෞද්ගලික සමාගමකට අයත් පළමු රොකට්ටුව අද (18) පෙරවරුවේ අභ්‍යවකාශගත කෙරෙනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ වික්‍රම් එස් නැමති මෙම රොකට්ටුව අද පෙරවරු 11.30 ට චෙන්නායි සිට කිලෝමීටර 115 ක් දුරින් පිහිටි ශ්‍රීහරිකෝටා අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ගුවන්ගත කිරීමට නියමිත බවයි. ස්කයිරූට් එයිරෝස්පේස් සමාගමට අයත් එම රොකට්ටුව කිලෝමීටර 81 ඉහළ අභ්‍යවකාශයට ගොස් මිනිත්තු පහකට අඩු කාලයක දී…

Read More

පක්ෂියෙකුගේ අනුරුවක් විකුණා මුදල් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට

  ව්‍යාජ ලෙස සකස් කළ රන් ආලේපිත පක්ෂියෙකුගේ අනුරුවක් විකුණා මුදල් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු අම්පාර – මධ්‍යම කඳවුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් තිස්සපුර ප්‍රදේශයේ පදිංචි 32 සහ 46 යන වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ. මොවුන් සියඹලාවැව ප්‍රදේශයේ නිවසක දෝෂ මගහැරීම සඳහා ශාන්තිකර්මයක් සිදුකර තිබෙනවා. සැකකරුවන් ප්‍රකාශ කර ඇත්තේ නිවසේ දෝෂ මගහැරීමට…

Read More

චාමික දක්ෂතා අතර නැති නිසා ඔහුව ඇෆ්ගනිස්ථාන තරඟාවලියෙන් ඉවත් කළා – SLC

  තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇෆ්ගනිස්ථාන එක්දින තරගාවලියෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියා. චාමිකව ඇෆ්ගනිස්ථාන තරඟාවලියෙන් ඉවත් කළේ විනය ගැටලුවක් නිසාදැයි මාධ්‍යවේදියෙකු ඇසූ පැනයකට පිළිතුරු දෙමින් ලේකම්වරයා මේ බව පවසා සිටියා. ඔහුව කිසිම ආකාරයක විනය හේතුවක් මත තරඟාවලියෙන් ඉවත් නොකළ බවත්…

Read More
Back To Top