ලෝක ඒඩ්ස් දිනය අදට (01) යෙදී තිබේ.
“සමානාත්මතාව සුරකිමු” යන්න මෙවර ලෝක ඒඩ්ස් දිනයේ තේමාව ය.
ලෝක ඒඩ්ස් දිනය නිමිත්තෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා විවිධ වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කළේය.
මේ වන විට මෙරට තරුණ ප්‍රජාව අතරින් HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ යමින් පවතින බව විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ මහතා සඳහන් කළේය.
“මෙවර අරමුණ වෙන්නේ, HIV ආසාදිතයින්ටත් සමාජයේ අනෙකුත් සෑමකෙනෙක්ම ලබන ප්රතිලාභ ඒ හා සමානව ඔවුන්ටත් ලබාදෙන්න කියන එකයි. මේ අවුරුද්දේ පළමු මාස 9 අවසන් වනවිට HIV ආසාදිතයින් 429ක් සොයාගෙන තියෙනවා. මේ අය අතර බොහෝදෙනා තරුණ ප්‍රජාව. ඔවුන් අවුරුදු 15 – 30 අතර. සියයට 35ක් පමණ. ගිය වසරේ මේ තරම් ප්‍රතිශතයක් තරුණ ප්‍රජාවෙන් වාර්තා වුණේ නෑ. ඒකෙන් අදහස් වෙන්නේ තරුණ ප්‍රජාව අතර අනාරක්ෂිත ලිංගික සම්බන්ධතා ඉතා විශාල වශයෙන් සිදුවෙනවා කියන එක.”