තොරතුරු තාක්ෂණවේදීන් 10000ක් රට හැර ගිහින්

 

රට තුළ තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තොරතුරු තාක්ෂණවේදීන් රට හැර යන බව ශ්‍රී ලංකා පරිගණක සංගමය පවසයි.

එම සංගමයේ සභාපති දමිත් හෙට්ටිහේවා මහතා පෙන්වා දෙන්නේ දැනටමත් තොරතුරු තාක්ෂණවේදීන් 10,000ක් පමණ රට හැරගොස් ඇති බවය.

“ලෝකයේ සෑම රටකම මේ වෙනකොට ඩිජිටල් පරිවර්තනයක් සිදුවෙනවා. ඒ නිසා තොරතුරු තාක්ෂණවේදීන් ඉතා විශාල පිරිසක් ඒ රටවල්වලට අවශ්‍යයි.”  

“කොවිඩ් වසංගතයත් සමග මෙම විෂයේ සීඝ්‍රතාවය තවත් වැඩිවුණා. ඒ නිසා මේ වෘත්තියට විශාල ඉල්ලුමක් තිබෙනවා.”

“අපි සතුව දැනට තිබෙන ඇස්තමේන්තුව අනුව අපේ රටෙන් තොරතුරු තාක්ෂණවේදීන් 10%ක් පමණ රට හැර ගිහින්. ඒක 10,000කට ආසන්න ප්‍රමාණයක් කියලා අපි හිතනවා.”

“ඒ වගේම සමාගම් ගත්තොත්, සමාගමක තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් 20%ත් 25%ත් අතර පිරිසක් අස්වෙනවා. ඒ වෙනත් අවස්ථාවන් සඳහා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top