පසුගිය නොවැම්බර් මාසයේ දී මෙරටට විදෙස් සංචාරකයින් 59,759 ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.
මේ අනුව 2022 මුල් මාස 11 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 628,017 ක් බවයි සඳහන් වන්නේ.
නොවැම්බර් මාසය තුළ වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතර රුසියාව, ඉන්දියාව, ජර්මනිය, එක්සත් රාජධානිය හා ඔස්ට්‍රේලියාව පෙරමුණේ පසුවනවා.