T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිදුවීම් ගැන සෙවීමට කමිටුවක්

 

T20 ලෝක කුසලානය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සම්බන්ධයෙන් වාර්තා වූ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 6 දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව 2022.10.16 වන දින සිට 2022.11.13 වන දින දක්වා ඕස්ට්‍රේලියාවේ පැවැත් වූ T20 ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ සහභාගීත්වය සහ මීට අදාළ සිදුවීම් සම්බන්ධව විමර්ශනය කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ කමිටු සමාජිකයින් පහතින්,

* විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන – සභාපති
* කිංස්ලි ප්‍රනාන්දු – හිටපු අමාත්‍යංශ ලේකම්
* සුදත් නාගහමුල්ල – විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති
* ආනන්ද පීරිස් – විශ්‍රාමික රියාද් අද්මිරාල්
* නලීන් ද අල්විස් – හිටපු ක්‍රිකට් ක්‍රීඩක
* ශලනි රොශානා ප්‍රනාන්දු – නීතිඥ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top