ජාතික නිවාස සංවර්ධන අධිකාරිය නොවැම්බර් මාසයේදි ණය අයකර ගැනීම හා දේපළ බැහැර කිරිම තුළින් රුපියල් මිලියන 303ක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබුනු බව එම අධිකාරිය පවසනවා.
එහි සභාපති රජීව් සූරියආරච්චි මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියාසිටියේ රට තුළ පැවති අරගලකාරී තත්ත්වය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ණය අයකර ගැනීම් පහත වැටී තිබු බවයි.
සියලු ම දිස්ත්‍රීක් කළමණාකරුවන් මහනුවරට කැඳවා මසකට රුපියල් මිලියන 300ක ණය මුදලක් එකතුකර ගැනිමේ ඉලක්කය ලබාදී ඒ සඳහා නව සැලැස්මක් හඳුන්වාදීම තුළින් මෙම ඉලක්කයට ලඟා වු බවයි ඔහු කියාසිටියේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඉදිරියේදි ඩොලර් වලට නිවාස අලෙවි කිරිමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා සඳහන් කළා.