සංචාරක වීසා මත මැලේසියාව බලා පිටත්ව යාමට පැමිණි පුද්ගලයින් 9 දෙනෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
පසුගිය දා පුද්ගලයින් 14 දෙනෙකු මෙලෙස මැලේසියාව බලා පිටත්ව යාමට පැමිණ ඇති අතර ඉන් නව දෙනෙකුම සංචාරක වීසා මත මැලේසියාවේ රැකියා සඳහා යාමට උත්සාහකර ඇති බවයි විමර්ශන වලදී හෙළිව ඇත්තේ.
මෙම පිරිස විදෙස් රැකියා සඳහා යොමු කිරීමට කටයුතු කළ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක් ක්රියාත්මක බව ද ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ සඳහන් කළා.
කෙසේ වෙතත් ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගත් පිරිස මුදා හැර ඇති අතර ඉදිරි විමර්ශන කටයුතු සඳහා ඔවුන් නැවත කැඳවීමට නියමිතයි.