චීනයෙන් කොළ එළියක්

 

බාහිර ණය අර්බුදය නිසා පීඩාවිඳින ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ප්‍රධානීන්ට චීනය විසින් ආරාධනා කර ඇති බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටලීනා ජෝර්ජීවා සහ ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්පාස් ට මෙම සතියේ බෙයිජිං නුවරට පැමිණෙන ලෙස ආරාධනා කර ඇති බව සඳහන් ය.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් මුහුණදී ඇති අර්බුද සහ ණය අර්බුදයට සහන ලබාදිය හැකි ආකාරය සාකච්ඡා කිරීම සඳහා ඔවුන්ට ආරාධනා කළ බව චීන විදේශ අමාත්‍යංශය පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top