ලංකා ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ තුන්වන අදියර අද (06) සිට ආරම්භ වීමට නියමිතය.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මට්ටමේ එකම දේශීය ක්‍රිකට් තරගාවලිය වන මෙම තරගාවලිය සඳහා කණ්ඩායම් 05ක් එක්ව සිටී.
කලම්බු ස්ටාර්ස්, ජැෆ්නා කිංග්ස්, ගෝල්ඩ් ග්ලැඩියේටර්ස්, කැන්ඩි ෆැල්කන්ස් සහ දඹුල්ල අවුරා යන කණ්ඩායම් මෙවර LPL තරගාවලිය සඳහා තරග වදින අතර මෙම සෑම කණ්ඩායමකටම දේශීය මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩකයින් එක්ව සිටීම විශේෂත්වයක්.
දින 18ක් පුරා පැවැත්වෙන තරගාවලියට තරග 24ක් ඇතුළත් වන අතර සූරියවැව, පල්ලෙකැලේ සහ කෙත්තාරාම යන ක්‍රීඩාංගණවල තරග පැවැත්වීමට නියමිතය.
2014 වසරේදී ඩයලොග් ටීවී හා පියෝ ටීවී නාළිකා අංක 14 ඔස්සේ පමණක් විකාශන කටයුතු ආරම්භ කෙරුණු “අද දෙරණ 24” නාළිකාව මේ වන විට නිදහස් ගුවන් අවකාශයටත් එක්කර තිබේ.
තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල්ඩ් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පස්වරු 03ට ආරම්භවීමට නියමිතය.
දෙවන තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වන්නේ කලම්බු ස්ටාර්ස් කණ්ඩායම සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතරය.