උඩුගම පොලිස් වසමේ දී මනුෂ්‍ය ඝාතනයක්

 

උඩුගම පොලිස් වසමේ ගෝණදෙණිය ප්‍රදේශයේ දී පහර දීමකින් සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳ වාර්තා වනවා.ඊයේ (08) දිනයේ මෙම ඝාතනය සිදු වී ඇති අතර, උඩුගම පොලිසියට ලැබුණු තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සඳහන්.

මරණකරුගේ බිරිඳ දරුවා සහ මව නිවසේ රාත්‍රී ආහාර ලබා ගනිමින් සිටිය දී අසල ප්‍රදේශයකින් යම් කෝලහලයක ශබ්ධයක් ඇසී තිබෙනවා.ශබ්ධය ඇසී බලන විට යම් පිරිසක් විසින් මරණකරුට පහර දෙන ආකාරය දිස් වී ඇති අතර, බරපතළ තුවාල ලැබූ මරණකරු උඩුගම රෝහලට ඇතුළු කිරීමෙන් පසු ව මිය ගිය බව යි සඳහන් වන්නේ.

ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් හඳුනාගෙන තිබෙනවා.උඩුගම පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ඇති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top