දුම්වැටි බදු තවදුරටත් ඉහළ නැංවීම සම්බන්ධයෙන් භාණ්ඩාගාරයෙන් වාර්තාවක් කැඳවා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළා.
මෙහි දී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, ආර්ථිකය මුහුණදී ඇති අසීරු තත්ත්වය මත තවදුරටත් බදු සහන ලබාදිය නොහැකි බව යි.මේ අතර කාන්තා හිංසනය සම්බන්ධයෙන් අද (09) පාර්ලිමේන්තුවේ දී උණුසුම් සංවාදයක් ඇතිවුණා.
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ සම්බන්ධයෙන් ඊයේ ඇති වූ සංවාදයක් මුල් කරගනිමින් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මන්ත්‍රීවරිය ප්‍රශ්නයක් මතුකළ අතර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි රාජ්‍ය අමාත්‍යවරුන් වන ඉන්දික අනුරුද්ධ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මෙන්ම නියෝජ්‍ය කථානායකවරයා ද ඊට මැදිහත් වුණා.