පළාත් කිහිපයකට මැන්ඩවුස් පිළිබඳව අවවාදාත්මක නිවේදන නිකුත් කෙරේ

 

මැන්ඩවුස් සුළි කුණාටුව සම්බන්ධයෙන් අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.

ඒ අනුව නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිත වී පවතින “මැන්ඩවුස්” චණ්ඩ සුළි කුණාටුව බටහිරට බරව වයඹ දෙසට ගමන් කර දෙසැම්බර් 09 රාත්‍රී කාලය වන විට නිරිත දිග බෙංගාල බොක්ක හරහා උතුරු තමිල්නාඩු, පුදුචේරි සහ දකුණු ආන්ද්‍රා ප්‍රදේශවලට ගමන් කිරීමට ඉඩ ඇති බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලි මීටර 100 කට වැඩි තද වැසිද ඇතිවිය හැකි බවත් උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට පැයට කිලෝ මීටර 60-70 ක තද සුළං හැමීමේ හැකියාව පවතින බවත් එම නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top