මත්පෙති සමඟින් රෝහල් සේවිකාවක් අත්අඩංගුවට

 

මත්පෙති සමඟ කෑගල්ල ශික්ෂණ රෝහලේ සේවයේ නිතුත් කණිෂ්ඨ සේවිකාවක් අත්අඩස්ංගුවට ගෙන තිබෙනවා.

උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම ඊයේ (11) සිදු කර ඇති අතර එහිදී මෙම සේවිකාව රුපියල් 2,000ක මත්පෙති 40ක් අලෙවි කර ඇති බවයි පොලීසය පවසන්නේ.

කෑගල්ල ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ දීර්ඝ කාලයක සිට මෙලෙස මත්පෙති අලෙවි කරන බවටයි.

මේ අතර,කොකේන් මත්ද්‍රව්‍ය, මත්මිශ්‍ර මුද්දර සහ කුෂ් මත්ද්‍රව්‍ය ළග තබාගෙන සිටි රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් කටුනායක සහ පෞද්ගලීක ගුදමක රාජකාරී කරමින් සිටි රේගු පරීක්ෂකවරුන් දෙදෙනෙකු බවයි වාර්තාවන්නේ.

ඇතැම් රේගු නිලධාරීන් වරාය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතවන බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලැබුණු තොරතුරක් මත එක් සැකකරුවෙකු වරායෙන් පිටවන අවස්තාවේදී චෛත්‍ය පාරේදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ අතර රුපියල් මිලියන 10ක කප්පම් මුදලක් ඉල්ලා මඩකලපුව – කාත්තන්කුඩි ප්‍රදේශයේ ගුරුවරයෙකු පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයෙකු මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයට ඊයේ ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 20වන දා දක්වා රක්ෂිත් බන්ධනාගාර ගත කෙරුණා.

සැකකරුගේ පියා සහ පැහැර ගැනීමට කල්වූ ගුරුවරයා අතර ඉඩම් ගැටලුවක් සම්බන්ධයෙන් ද ආරවුලක් පැවති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top