ඉන්දියාව සහ ලංකාව අතර මගී යාත්‍රා සේවාව ලබන ජනවාරියේ සිට

 

දකුණු ඉන්දියාව සහ කන්කසන්තුරය, ත්‍රිකුණාමල හා කොළඹ වරාය අතර මගී යාත්‍රා සේවාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය පවසනවා.

ඊට අදාළ සාකච්ඡාවක් අද පැවැත්වුණේ විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වාගේ ප්‍රධානත්වයෙන්.

එහි පළමු අදියර ලෙස කන්කසන්තුරය සහ පාන්ඩිචේරි අතර ෆෙරි සේවාව ලබන ජනවාරි මස මැද ආරම්භ කිරීමට සැළසුම් කර තිබෙනවා.

ඊට ඉන්දීය රජයේ අනුමැතිය ලබා දී ඇති බවයි අදාළ සාකච්ඡාවේ දී අනාවරණය වුණේ.ඉන්දියානු ජාතිකයින් මෙන්ම දඹදිව වන්දනාවේ නිරත වන ශ්‍රී ලාංකික බැතිමතුන්ට ද මෙම සේවාව ලබාගත හැකියි.

වරකට මගීන් 300 ක් හෝ 400 ක් පමණ මෙම මගී යාත්‍රා සේවාව මඟින් රැගෙන යා හැකි අතර ඊට ගතවන කාලය පැය තුන හමාරක් බවයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා කියා සිටියේ.

එක් ගමන්වාරයක් සඳහා මගියෙකුගෙන් ඩොලර් 60 ක් පමණ අයකිරීමට නියමිත අතර කිලෝ ග්‍රෑම් 100 ක බරකින් යුත් භාණ්ඩ රැගෙන යා හැකි වනවා.

වසර දෙකකට පසු චෙන්නායි සහ යාපනය අතර ගුවන් ගමන්ද ඊයේ ආරම්භ කෙරුණු අතර පළමු ගුවන්යානය ඊයේ පලාලි ගුවන්තොටුපළ වෙත පැමිණියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top