මවගේ අනියම් සැමියාගේ පහර කෑමට ලක් වූ පිරිමි දරුවෙකු රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
අද අලුයම මෙම ඝාතනය සිදුව ඇති අතර ලද තොරතුරකට අනුව ගම්පහ – පහලගම ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය පොලීසිය දරුවා රෝහල් ගතකිරීමට කටයුතු කර තිබූ බවයි ආරංචි මාර්ග සදහන් කර සිටියේ.
කෙසේවෙතත් රෝහල් ගත කිරීමෙන් පසුව දරුවා මියගොස් තිබෙනව.
ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි ගම්පහ පොලීසිය සදහන් කර සිටියේ.