මට්ටක්කුලිය, සාවියා පටුමඟේ දී තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 4දෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
ඉකුත් 28 වනදා එලෙස ඝාතනයට කර තිබුණේ මට්ටක්කුලිය සාවියා පටුමඟ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ෆර්හාන් නමැති ව්‍යාපාරිකයෙකු බව පොලීසිය සඳහන් කළේය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 හා 34 අතර පසුවන බොරැල්ල හා වැල්ලම්පිටිය පදිංචිකරුවන්ය.
මෙම ඝාතනයට පැමිණි පුද්ගලයන්ට වාහන කුලී පදනම මත ලබා දෙන ස්ථානයකින් මෝටර් රථයක් ලබා දුන් පුද්ගලයකු මීට පෙර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.
මුදල් ගනුදෙනුවක් මත ඇති ඇතිවූ ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරුවන් අද (14) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.