වැට් බදු පනත බලාත්මකයි

  එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු සශෝධන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන අත්සන් තබා තිබෙනවා. ඊයේ (14) දිනයේ දී අත්සන් තැබූ මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය 09 වැනිදා පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් පැවති අතර එහිදී එය වැඩි ඡන්ද 41කින් සම්මත වුණා. ඒ අනුව මෙම පනත ඊයේ (14) දින සිටම බලාත්මක වනු ඇති.

Read More

ගල් අඟුරු නැති වුණොත් කළුවර මාර්තුවක් එන්න පුළුවන් – විදුලි ඉංජිනේරු සංගමය

  නියමිත පරිදි ගල් අඟුරු ඇනවුම් නොලැබෙන්නේ නම් ලබන වසරේ මාර්තු මාසය වන විට දීර්ඝ විදුලි කප්පාදුවකට යාමට සිදුවනු ඇති බව විදුලි ඉංජිනේරු සංගමය පවසනවා. ඒ අනුව ලක්විජය බලාගාරයට ගල් අඟුරු නැව් 38 ක් පැමිණිය යුතු බවත් මේ වන තෙක් පැමිණ ඇත්තේ නැව් 5 ක් පමණක් බවයි විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න සඳහන් කරන්නේ….

Read More

මූලික අවශ්‍යතා සපුරාගන්න රු 13,000 පනී

  ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඔක්තෝබර් මාසයට අදාළ ජාතික දරිද්‍රතා මට්ටම ප්‍රකාශයට පත්කර තිබේ. එම ප්‍රකාශයට අනුව මෙරට පුද්ගලයෙකුගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසිකව අවශ්‍ය කෙරෙන අවම මුදල රු.13,810කි. එය පසුගිය සැප්තැම්බර් මාසයේ පැවතියේ රු. 13,772ක් ලෙසටය. දිස්ත්‍රික්ක පදනම අනුව සිය මූලික අවශතා සපුරා ගැනීමට වැඩිම වැයක් දැරීමට සිදුව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කය වන…

Read More

අත ළඟ තිබුණත් ශ්‍රී ලංකාව නොදුටු ඩොලර් තොගය

  ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් නොමැතිවීමේ ගැටලුව හේතුවෙන් ලොව අනෙක් රටවල් අතර ශ්‍රී ලංකාව දැඩි පසුබෑමකට ලක්ව ඇති බව ආර්ථීක ස්ථායීකරණය සඳහා වූ ජාතික සභාවේදී අනාවරණය වී තිබේ. මෙම ක්ෂේත්‍රය දියුණුවට ලක් කිරීමෙන් අමෙරිකානු ඩොලර් බිලියන 5ක මුදලක් රටට ඉපැයිය හැකි බවද එහිදී අනාවරණය වුනි. තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට අදාළ ගැටලු සහ ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්ද…

Read More

කොවිඩ් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය ගත් තීරණය

  කොවිඩ් -19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ඇති නොකරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. එම සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩ්නම් පවසන්නේ ලබන ජනවාරි මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි කමිටුව රැස්වී ඊට අදාළ නිර්ණායක සාකච්ඡා කිරීමට නියමිත බවය. පසුව කොවිඩ් -19 වෛරසය තවදුරටත් ගෝලීය හදිසි තත්ත්වයක් ඇති නොකරන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත්කිරීමට නියමිතව…

Read More

15,000කට අධික හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉල්ලයි

  ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීම සඳහා ප්‍රකාශයට පත් කර ඇති පොදු සමා කාලය තුළ 15,000කට අධික හමුදා සාමාජිකයින් පිරිසක් සේවයෙන් ඉවත්වීමට ඉදිරිපත් වී සිටී. නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත්වීමට පසුගිය නොවැම්බර් 15 සිට දෙසැම්බර් 31 වන දින දක්වා පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කළේය. ඒ…

Read More

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

  වෛද්‍යවරුන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරී, රජයේ වෛද්‍ය නිලධාරී, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරී, රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරී යන…

Read More

ඉදිරි දින කිහිපය තුළ කාලගුණයේ වෙනසක්

  දිවයිනේ උතුරු , උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වර්ධනය වීමක් ඉදිරි දින කිහිපය තුළ 17වන දින සිට අපේක්ෂා කරයි. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වෙන බවය. බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත…

Read More
Back To Top