මේ දවස්වල හැමෝම කතාවෙන ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි පාරදිගේ කියන්නේ, ඉතින් මේ නාට්‍යයේ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ චරිතය තමයි බන්ටි කියන්නේ, ඉතින් අපි හිතුවා මේ බන්ටි කියන චරිතයට පන පොවන දුෂේනි මියුරංගි එක්ක ටිකක් කතා කරන්න, ඉතින් දුෂේනි මේ දවස්වල ඔයා පණපොවන සරණි හරිම ජනප්‍රියයි නේද..? ”ඔව් ඔව් මොකද මේ දවස්වල නැන්දම්මා ලේලි වලි නිසා තමයි වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ, අනිත් හේතුව තමයි සරණි කියන ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත්ත එක, සාමාන්‍යයෙන් මේ නාට්‍යයේ සරණි, බන්ටි, බණ්ඩා කියන්නෙ කළු චරිත හැබැයි මිනිස්සු ඒ චරිත සුදු චරිත විදියට ආදරෙන් වැළඳ ගත්තා හරිම සතුටුයි වගේම ගොඩක් ස්තුතියි අපිට දෙන මේ ආදරේට”
දුෂේනිට ඇත්තටම සරනිගේ චරිතය ගැන මොකද හිතෙන්නේ..? ”මම රඟපෑව චරිත වලින් මම වැඩියෙන්ම ආස කරන සහ මම වැඩියෙන්ම ආදරේ කරන චරිතය එක, මම මුලින්ම බන්ටි ඊට පස්සේ සරණි, දැන් ඩිල්ශානි එකම චරිතය වුනාට නම් තුනට හැසිරීම තුන් විදියක්, අපේ වැඩි කාලයක් ගතවෙන්නේ පාරදිගේ නාට්‍ය එක්ක දැන් ඇත්තටම අපි එක පවුලක් වගේ, ඇත්තම කියනවනම් මේ චරිතය තමයි මට වාසනාව ගෙනාව චරිතය,”
ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ ජීවිතේ ගැන, ”මෙහෙමයි මගේ ජීවිතේ ගැන කියනවනම් මට සමහර වෙලාවට හිතෙනවා අතීතයේ වෙච්ච සමහර දේවල් වුනේ නැත්තන් හොඳයි කියලා හිතෙන දේවල් තියෙනවා, හැබැයි ඒත් එක්කම මට හිතෙනවා ඒ දේවල් සිදුවුනේ නැත්තන් මම සමහර පාඩම් ඉගන ගන්නේ නෑ නේද කියලා, මොකද මම ඒ හැම සිදුවීමකින් මම මගේ ජීවිතයට අලුත් පාඩමක් ඉගන ගත්තා, ඒ දේ මම ඉගන ගත්තේ නැත්තන් මට මීට වඩා දේකට මුනුන දෙන්න වෙනවා, මම මේ ගමන යන්නේ හරිම පරිස්සමින්”
දුෂේනි ආදරේ විඳලා නැද්ද..? ”මම එහෙම ගොඩක් ආදරේ විඳලා නෑ, හැබයි දෙයියනේ කියලා ආදරේ නිසා හොඳට වින්දවලා නම් තියෙනවා, සමහර ආදර කතා තිබ්බා හරියට පටන් ගත්තේවත් නැතුව අවසන් වුන, ඒ දේවල් නිසා මගේ හිත ගොඩක් හිත රිදුනා, මම හිතෙන්නේ දෙයක් ලැබෙන්න තියෙනවනම් ලැබෙනවා, නැත්තන් නෑ දැන් මම ඒ දේවල් ගැන වැඩිය හිතෙන්නේ නෑ, මම මගේ උරුමක්කාරයා හම්බවෙනකන් මෙහෙම ඉන්නවා”
ඇත්තටම දුෂෙනි බන්ටි වගේ චරිතයක්ද..? ”අනේ නෑ, මම බන්ටි වගේ චරිතයක් නෙවෙයි මම එයා තරම් කටකාර නෑ අනික මම මිනිස්සුන්ට ඒ වගේ කතා කරන්නෙත් නෑ, මම වැඩිය කතා කරන චරිතයක් නෙවෙයි මගේ සමීපම අය එක්ක නම් ටිකක් කියවනවා, එහෙම නැතුව මම බන්ටි වගේ කියවන්නේ නෑ, විහිලුනම් කරනවා හැබැයි හිතරිදෙන ඒවා නෙවෙයි, මම දැක්කා සරනිගේ දෙබස් දාලා ෆේස්බුක් එකේ එහෙම එක එක වීඩියෝ ශෙයා කරනවා සුවහසක් නැන්දම්මාවරුන්ට ලේලිලා එපා කරවපු කෙල්ල කියලා, හැබැයි ඉතින් ඒක චරිතයක් විතරයි ඇත්ත මම එහෙම නෑ”