රාජ්‍ය සේවය වෙනුවෙන් ගත් තවත් තීරණයක්

රාජ්‍ය සේවය විධිමත් ආකාරයෙන් පවත්වාගෙන යාමට අදාළ තීරණ ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබේ.

වයස අවුරුදු 60 න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම යා යුතු බවට වන රජයේ තීරණයට අදාළව රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් මෙම වසර අවසානයේදී විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින් රාජ්‍ය සේවකයින් තුලනය කිරීමේ අරමුණින් එම කමිටුව පත්කර ඇති බව සඳහන්ය.

අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුව සඳහා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකු ඇතුළු සාමාජිකයින් පත්කර තිබේ.

වයස අවුරුදු 60 සම්පූර්ණ කරන රාජ්‍ය සේවකයින් විශ්‍රාම යාමේදී රාජ්‍ය සේවයේ සිදුවන සේවක පුරප්පාඩු පිළිබඳව ද අදාළ කමිටුවේ අවධානය යොමු කෙරෙන අතර ඒ සඳහා සේවකයින් බඳවා ගන්නේ නම් ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමද එම කමිටුව විසින් සිදුකරනු ඇත.

කමිටුව විසින් ලබාදෙනු ලබන නිර්දේශ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top