ඩිස්නිලෑන්ඩ් වගේ Theme park එකක් ලංකාවට

 

ඩිස්නිලන්තය වැනි Theme park එකක් ලංකාව තුළ ඉදිකිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා මේ වන විටත් සිදු කරමින් පවතින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසයි.

ඇය මේ බව පවසා සිටියේ ඊයේ (26) වැඩසටහනට එක් වූ අවස්ථාවේදී ය.

“ඩිස්නිලෑන්ඩ් එකක්ම නෙවෙයි වෙන්න පුළුවන්. theme parks කියන්නේ ඩිස්නි ලෑන්ඩ්ම නෙවෙයිනේ. ඩිස්න් ලෑන්ඩ්වල එනවා ගොඩක් theme parks. මම ඩිස්නි ලෑන්ඩ් කියන වචනේ පාවිච්චි කළේ නැහැ. මම කිව්වේ ඕක ප්‍රවෘත්ති සාකච්ඡාවක. මම කිව්වා අපි theme park එකක් , ඩිස්නි ලෑන්ඩ් වගේ theme park එකක් ලංකාවට ගේන්න සාකච්ඡාවක් යනවා මගේ දැනට. තාමත් ඒක යනවා. Walt Disney එකත් එක්කත් වෙන්න පුළුවන්. ඒගොල්ලොත් එක්කත් යනවා. තවත් theme parks කරන කීප දෙනෙක් එක්කම සාකච්චා යනවා දැනට. මොකද අපිට අවශ්‍ය කොහොමද ඒගොල්ලොන්ට අවශ්‍ය, ඒගොල්ලෝ බලන්නේ කෙහොමද මේ රටට ආයෝජනය කොච්චරක් ගේන්න පුළුවන්ද? ලෑන්ඩ් එක කොහොමද, අපි මේවා කරන්නේ කොහොමද, මොකක්ද අපි ඒ ගොල්ලෝ එක්ක ගහන agreement එක. මොනවද අපිට ඒගොල්ලෝ දෙන්න පුළුවන් facilities. මේ දේවල් ඔක්කොම අපි ක්ලියර් කරගන්න ඕන. එතකොට ඒ තත්ත්වය උඩ තාමත් මේ සාකච්ඡා යනවා. නැත්තේ නැහැ. නමුත් මම එදා ඒක කියපු වෙලාවේ ඉඳලා මේක ලොකු අර හැමදේම නැට්ටෙන් අල්ලගන්නවා වගේ හැමදේම අල්ලගන්නේ නැට්ටෙන්නෙ. අල්ලගෙන දුවනවා වටේ. ඊට පස්සේ ඕක මහ විශාල මේකක් හදලා මේක බොරුවක් මේක මෙහෙමයි අපි කතා කළා, ඩිස්නිලන්තෙට කතා කළා. මම දන්නෑ කවුරු එක්ක ඩිස්නි ලන්තේ කවුරු කතා කරනව ද කියලා. කොහොම හරි ඕක ලොකු විහිලුවක් බවට පත් කරගෙන ගියා.“

“මේක Walt Disney ඒගොල්ලෝ එක්කයි, තව ඒගොල්ලන්ගේ තියනවා theme parks හදන තැන්. වැඩිය ඕනේ නැහැ. මම දැන් මාසෙකට විතර කලින් ලංකාවට ඇවිල්ලා සාකච්ඡා කළා ඇත්තටම ඒ ගොල්ලෝ ජැපනීස්. ඒ ගොල්ලොත් theme parks හදන, ඒ කියන්නේ මෙහේ sentosa, සිංගප්පූරුවේ හදලා ඒවා ඔක්කොම හදපු ඒගොල්ලෝ. ඒගොල්ලොත් ලංකාවට ආපු වෙලාවේ මාත් එක්ක කතා කළා. හැබැයි දැන් මම ගොඩක් දේවල් කියන්නේ නැහැ. කියන්න ගියාම අපි කරන්න තියන දේවල් ඒක මහා විශාල විහිලුවක් බවට පත් කරගෙන මහ බොරුවක් කියාගෙන මේවා කරනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top