ඔස්ට්‍රේලියාවට ගිය ශ්‍රී ලාංකිකයින්ට සිදුවූ දේ

සරණාගත බව පතා ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ඉදිරිපත් කළ අයදුම්පත් 58ක් ප්‍රතික්ෂේප වී ඇති බව එරට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති නවතම දත්ත පෙන්වා දෙයි.

නොවැම්බර් මාසයේ දී යොමුකළ සියලුම අයදුම්පත් ප්‍රතික්ෂේප වී ඇති බවද වාර්තා වෙයි.

නොවැම්බර් මාසය තුළදී ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයින් ඔස්ට්‍රේලියානු සරණාගතභාවය පතා අයදුම්පත් 50ක් යොමු කර තිබේ.

පසුගිය මාසයට අදාළව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති වාර්තාවේ දත්ත අනුව වාර්තා වන්නේ එලෙස ඉදිරිපත් කළ සියලුම අයදුම් පත් ප්‍රතික්ෂේප වී ඇති බවය.

මීට පෙරද ඉදිරිපත් කළ අයදුම්පත්වලින් 8ක් ප්‍රතික්ෂේප වී ඇති බව සඳහන් වෙයි.

ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති දත්ත වාර්තා අනුව නොවැම්බර් මාසයේ දී ඔස්ට්‍රේලියානු සරණාගතභාවය පතා ඉදිරිපත් වී ඇති සම්පූර්ණ අයදුම්පත් ගණන 1,643කි.

ඉන් මැලේසියානු ජාතිකයින් ඉදිරිපත් කළ අයදුම්පත් 333ක් ප්‍රතික්ෂේපවී ඇති අතර එය සැලකෙන්නේ ප්‍රතික්ෂේප වූ වැඩිම අයදුම්පත් ගණන ලෙසය.

ශ්‍රී ලංකාව එම ලැයිස්තුවේ 6 වන ස්ථානයේ පසු වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top