දුම්රියෙන් කොළඹට එළවළු ප්‍රවාහනය කිරීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අයවැය මඟින් ඉදිරිපත් කළ යෝජනාවක් අනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ වෙළඳ හා අලෙවි අංශය විසින් එළවළු ප්‍රවාහනය සඳහා විශේෂ දුම්රිය මැදිරි 5 ක් සකස් කර ඇති බවයි සඳහන් වන්නේ.
නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මෙය ඊයේ (27) පස්වරුවේ නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එළවළු ප්‍රවාහනය කරමින් ආරම්භ කර තිබෙනවා.
කොළඹ සුපිරි වෙළඳසැල්වලට සහ මැනිං වෙළඳපොළ වෙත අවශ්‍ය එළවළු තොග එම දුම්රියෙන් ප්‍රවාහනය කෙරෙන බවයි සඳහන් වන්නේ.