පොලීසියෙන් හදිසි දැනුම්දීමක්

මත්ද්‍රව්‍ය භාවිත කර වාහන ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් හඳුන්වාදෙන බව පොලීසිය පවසයි.

අපරාධ හා රථ වාහන දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ කමල් සිල්වා මහතා සඳහන් කළේ, එහි නියමු ව්‍යාපෘතිය බස්නාහිර පළාතෙන් ආරම්භ කරන බවය.

මත්ද්‍රව්‍ය භාවිත කර ඇති පුද්ගලයින් හඳුනාගැනීම සඳහා අවශ්‍ය උපකරණ මේ වන විට ආනයනය කර ඇති බව කොළඹ පැවති උත්සවයකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ කමල් සිල්වා මහතා සඳහන් කළේය.

“දැන් අපි අත්අඩංගුවට ගන්නේ බීමත් රියදුරන් විතරයි. ඉදිරියේ දී මත්ද්‍රව්‍ය පාවිච්චි කරන රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා මාර්ග ආරක්ෂණ ජාතික සභාවෙන් මිලියන 160ක් දීලා තියෙනවා පොලීසියට.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top