IMF අනුමැතිය 2023 මුල් කාර්තුව තුළ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා අවශ්‍ය අනුමැතිය 2023 පළමු කාර්තුව තුළ ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

ඒ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සහයෝගය ලබා ගැනීමට අවශ්‍ය මූලික කොන්දේසි සපුරා ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට ණය හිමියන්ගේ සහතිකය බලාපොරොත්තු වන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ඉන්දියාව හා චීනය සමඟ මුදල් අමාත්‍යංශය හා මහ බැංකුව සාකච්ඡා කරමින් පවතින බවත් අවශ්‍ය අනුමැතිය 2023 පළමු කාර්තුව තුළ ලැබෙනු ඇති බවට විශ්වාසය පළ කරන බවත් ඒ තුළින් ආර්ථික ස්ථාවරත්වයක් දක්වා ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top