මම රුවන්වැලි සෑය වඳින්න ගියා එතනදී මාර වැඩක් වුනේ

මේ දවස්වල හැමෝම වගේ ගොඩක්ම ආසාවෙන් බලන ටෙලිනාට්‍යක් තමයි ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වෙන ‘පාර දිගේ’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍යය හරහා හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වුණ චරිතයක් තමයි ඩාර්ලින් අක්කා, කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ ඩාලින් අක්කගේ චරිතයට පන පොවන්නේ දක්ෂ රංගන ශිල්පිනියක වන චන්දිමා කරුණාදාස විසින්, ඉතින් අපි අද අපේ කතාබහට තෝරාගත්තේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන චාන්දිමා කරුනාදාසයි,

ඩාලින් අක්කා ඉස්කෝලේ යන කාලෙත් මේ වගේම සැරයි ද..? ”පාසල් කාලයේ නම් මම එහෙම රණ්ඩු කරන චරිතයක් නෙවෙයි, යාළුවො එක්ක හිටියට මම ඒ කාලේ ගොඩක් සමාජශීලී නෑ, පාසල් යන කාලේ මම වැඩිම අවදානය දුන්නේ මගේ අධ්‍යාපන වැඩ වලට, මම අධ්‍යාපනය හැදෑරුවේ පූනෑව මහ විදුහලෙන්. ඊටපස්සේ මම මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසලට යනවා, හැබැයි හැම තැනකදීම මම මූලිකත්වය ලබාදුන්නේ මගේ අධ්‍යාපනයට, ඒ කාලේ රංගනය ගැන හිතලවත් තිබ්බේ නෑ,”

කැම්පස් ජීවිතේ කොහොමද..? ”මට අද වගේ මතකයි මම කැම්පස් ආව දවස, මම මුලින්ම කැම්පස් එකට ආවේ තාත්තයි මගේ අක්කා බැඳලා ඉන්න අයියයි එක්ක, හැබැයි එයාලට නේවාසිකාගාරයට එන්න දුන්නේ නෑ, මම ලොකු බෑග් ටිකත් අරගෙන තනියම ගියේ, ඒ වෙද්දී මම තනියම ගෙදරින් එළියේ එක දවස්වක්වත් ඉඳලා නෑ, ඉතින් මම එදා හොඳටම ඇඬුවා මට එළිවෙනකන් එක තත්පරයක් නින්ද ගියේ නැ, මගේ ඇස්වල කඳුළු නැති එක තත්පරයක් තිබ්බේ නෑ, මම උදේම ගෙදරට කෝල් එකක් අරන් කිවුවා මට එහෙම ඉන්න බෑ ගෙදර එන්න ඕන කියලා, පලවෙනි වසර ඉවර වෙනකන්ම මම හැම සිකුරාදම ගෙදර ගියා පස්සේ ටික ටික මම ඒකට හුරු වුනා”

ඩාලින් අක්කගේ චරිතය ගැන මොකද හිතෙන්නේ..? ”ඇත්තම කියන්නම් කෝ අදටත් මම රඟපාන චරිතයක් කට්ටියත් එක්ක බලන්න හරිම ලැජ්ජයි, මට මගේ රංගනය නිදහසේ බලන්න ඕන, එතකොට තමයි මගේ රංගනයේ අඩුපාඩු තියෙනවද කියලා මට තේරෙන්නේ, මගේ සැමියා තරිඳු එයත් නාට්‍ය හා රංග කලාව හදාරපු කෙනෙක්. ඒ නිසා එයා ලොකු කෙල්ප් එකක් දෙනවා මගේ අඩුපාඩු පෙන්නලා දීලා ඒවා හදාගන්න,”

ඩාලින් අක්කගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද..? ”ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා ඇත්තටම ස්තුතිවන්ත වෙන්න ඕන මේ චරිතය මට ලබා දුන්න අධ්‍යක්ෂක ඇතුළු මුළු කණ්ඩායමටම, මගේ රංගන ජීවිතයේ මට එක එක චරිත ලැබුනා හැබැයි මේ චරිතය හරහා තමයි ප්‍රේක්ෂකයන් මාව වැළඳ ගත්තේ, ළඟදී දවසක මම අනුරාධපුරේ රුවන්වැලි සෑය වඳින්න ගියා එතනදී මාර වැඩක් වුනේ, සෑය වඳින්න ඇවිත් හිටපු අය එකපාරටම මගේ ලඟට දුවගෙන ආවා හා ඩාලින් අක්කේ කියාගෙන, එහෙම විත් හරිම ආදරෙන් කතා කළා, පින්තූර ගත්තා ඒ ආදරේ හරිම ආදරනීයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top