
කුඩා ළමයින් අතර වෛරස් උණක්
කුඩා ළමයින් අතර පැතිර යන වෛරස් උණ තත්ත්වයේ වර්ධනයක් මේ වනවිට පෙන්නුම් කරන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසනවා. ඔහු කියා සිටියේ පෙනහලු ආශ්‍රිත ව දරුවන්ට පවතින රෝගී තත්ත්වයේද ඉහළ යාමක් දක්නට ලැබෙන බව යි.