ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස ක්‍රිස් ක්ලාක් අයන්ස් පත්කර තිබේ.
වසර දෙකක ගිවිසුම් කාලයකට යටත්ව ඊයේ (01) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔහු පත් කර ඇති බව වාර්තා වේ.
ක්‍රිස් ක්ලාක් අයන්ස් මීට පෙර එංගලන්ත කණ්ඩායමේ සහ එසෙක්ස් ප්‍රාන්ත ක්‍රිකට් සමාජයේ විද්‍යා හා වෛද්‍ය ප්‍රධානියා මෙන්ම ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙසද කටයුතු කර ඇති අයෙකි.
ඒ අනුව ඔහු හෙටින් ඇරඹෙන ශ්‍රී ලංකා – ඉන්දියා විස්සයි විස්ස තරගාවලියේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන භෞත චිකිත්සකවරයා ලෙස කටයුතු කරනු ඇත.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පළමු 20 – 20 ක්‍රිකට් තරගය හෙට (3) රාත්‍රී 7.00ට වන්කඩේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භවීමට නියමිතය.