තම නිවසේ විදුලි බිල ගෙවීම ප්‍රමාද වීමට හේතුව නිවැරදි ලෙස විදුලි බිල නොලැබීම බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, නිසි පරිදි විදුලි බිල ලැබුණු විගස හිඟ මුදල් ද සමග එය ගෙවීමට කටයුතු කළ බවය.
ඊයේ (02) රාත්‍රියේ වැඩසටහන සමග එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කළේය.
ප්‍රශ්නය – ඔබතුමා එක්කෝටි විසිඅට ලක්ෂයක පොල්ලක් තියලා ලංකා විදුලි බල මණ්ඩලයට, ලයිට් කැපුවේ නෑ. ඇයි ඒ ?
“මම හිටපු නිවසේ විදුලි බිලම එව්වේ වෙන කෙනෙක්ගේ නමට.”
ප්‍රශ්නය – ඒ කියන්නේ නිල නිවසේ හිටපු පූරගාමීයෙක්ට?
“මම නෙමේ. ඉස්සෙල්ලා හිටපු කෙනාට එවලා. රෙජිස්ටර් ලියුම් 3ක් කරලා තියෙනවා මම. මොකද හේතුව ටැක්සබල් ඉන්කම් එකෙන් අඩු කරන්න නම් මගේ නමට බිල තියෙන්න ඕනේ. වෙන කෙනෙක්ගේ නමට බිල තිබ්බට මගේ එකවුන්ට්ස්වලින් අඩු කරන්න බෑ. තුන්පාරක් රෙජිස්ටර් ලියුම් ඇරියා මේක වෙනස් කරන්න. ඒ වෙනකනුත් අවසාන මොහොත වෙනකනුත් මේක වෙනස් කළේ නෑ. ඒක වෙනස් කළ දාට පහුවෙනිදා මම දඩ මුදල දාපු එක හැර අනිත් ටික සියල්ලම ගෙව්වා.”
ප්‍රශ්නය – ඇයි ඔබතුමාගේ ගෙදර ලයිට් කැපුවේ නැත්තේ?
“මම හිතන්නේ ඒ කට්ටියගේ වරදක් තියෙන්න ඇති.”
ප්‍රශ්නය – විදුලිබල මණ්ඩලය ලයිට් කපන්නේ දුප්පත් අහිංසක මනුස්සයාගේ විතරයි ?
“එක ඔබතුමාගේ නිර්දේශයක්.”
ප්‍රශ්නය – ඇත්තටම මේ අහිංසක ප්‍රශ්නයක් අහන්නේ. එක්කෝටි විසිඅට ලක්ෂයක විදුලි බිලක් එන්න මොනවාද දෙයියනේ ඔබතුමා පාවිච්චි කරන උපකරණ ?
“මම දන්නේ නෑ. එර්ත් වෙනවාද මොකක්ද කියලා. අන්න එහෙම ප්‍රශ්නයක් වෙලා. ඒ ප්‍රශ්නෙත් මම ලිව්වා. ඊට පස්සේ නම් විදුලිබල මණ්ඩලයට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. ඔවුන් දෙපාරක් තුන්පාරක් ඇවිල්ලා චෙක් කරලා තිබුණා. හැබැයි මම විදුලිය පාවිච්චි කරලා තියෙනවා නම්, දෙයියනේ මෙච්චර විදුලි පාවිච්චි කළේ කියලා අහන්න ඕනේ නෑනේ. මමනේ පාවිච්චි කළේ. මමනේ ගෙවන්නේ.”
ප්‍රශ්නය – ඔබතුමා අහනවානේ මගේ ගෙදර විදුලිය මම පාවිච්චි කරනවා නම් මම බිල ගෙවනවානම් අහන්න ඕනේ නෑ කියලා. එත් දැන් එක අහන්න බැනේ නේ ?
“ඔව් දැන් බෑ.”