රටපුරා බලපත්‍ර නොමැතිව ගුවන් ටිකට් පත් අලෙවි කරන පිරිසක් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවී ඇති හෙයින් අවධානයෙන් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන බලපත්‍රයක් නොමැතිව ගුවන් ටිකට් අලෙවි කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බව එම අධිකාරිය සඳහන් කළේය.
එසේම එවන් නියෝජිත ආයතන වෙතින් ගුවන් ටිකට් ටිකට්පත් මිලදී ගැනීමෙන් වැළකිය යුතු බව පවසන එම අධිකාරිය නීති විරෝධී නියෝජිතායතන සම්බන්ධයෙන් දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
එසේම එවැනි ආයතන සම්බන්ධයෙන් ආසන්නතම පොලිස් ස්ථානයට දැනුම් දිය හැකි බවද එම අධිකාරිය ප්‍රකාශ කළේය.
සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් නිකුත් කරනු ලබන බලපත්‍රය කැපී පෙනෙන අයුරින් ප්‍රදර්ශනය කර නොමැති ඕනෑම ගුවන් ටිකට් පත් අලෙවි නියෝජිත ආයතනයක් සමඟ ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට අදාළ කිසිදු ගනදෙනුවක් නොකරන ලෙස අධිකාරිය ජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.