ක්‍රීඩකයින් දෙදෙනෙකුගේ කණ්ඩායමේ ස්ථාන අවදානමේ

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර දෙවන විස්සයි 20 තරගය පූනේහිදී අද (05) පැවැත්වෙයි.

තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ මුබ්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති පළමු 20-20 තරගයෙන් ඉන්දීය කණ්ඩායම ලකුණු දෙකක තියුණු ජයක් හිමිකර ගත්තේය.

ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලියේ 1ට බින්දුවක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ සත්කාරක ඉන්දියාවය.

ඒ අනුව මෙම තරගාවලියේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු රඳවා ගැනීමට නම් ශ්‍රී ලංකා පිල අද පැවැත්වෙන තරගය අනිවාර්යයෙන් ජය ගත යුතුය.

අද තරගයේදී ශ්‍රී ලංකා පිලේ කිසිඳු වෙනසක් සිදු නොවන බව වාර්තා වෙයි.

මේ අතර භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වාට අද තරගයේදී අවස්ථාවක් හිමිවන අතර එම අවස්ථාවෙන් ඔවුන් ප්‍රයෝජන ලබාගැනීමට සමත් නොවුනොත් ඊළඟ තරගයේදී අවිශ්ක ප්‍රනාන්දු සහ අශේන් බණ්ඩාර කැඳවන බවද වාර්තා විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකරු නවීඩ් නවාස්,

“මුල්පෙළ පිතිකරණයේ පොඩි වැරදි වගයක් කළා. මීට වැඩිය සහයක් ලැබෙන්න තිබුණා. පසුපෙළ පිතිකරුවන්ගෙන් හොඳ සහයක් ලැබුණා. ඔවුන් හොඳ තරගයකට ගෙනාවා. පළමු තරගයේ සිදුවූ වැරදි හදාගෙන මීට වැඩිය හොඳ ගේම් එකක් ඉස්සරහට ගේන්න වෙනවා.. ඉන්දියාව වගේ කණ්ඩායමක් එක්ක සෙල්ලම් කරනකොට.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top