ඩුබායි Fame park ගිය හිටපු ජනපති

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නිවාඩුවක් ගත කරමින් සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එරට ප්‍රකට පෞද්ගලික සත්වෝද්‍යානයක් වන ෆේම් පාර්ක් වෙත ගොස් සතුන් නරඹන ඡායාරූප කිහිපයක් මේ වනවිට මාධ්‍යයට නිකුත් වී තිබේ.

ඩුබායි හි  ‘ෆේම් පාර්ක්’ හි හිමිකරු වන්නේ සයිෆ් අහමඩ් බෙල්හාසාය. ඔහු රාජපක්ෂගේද හිතවතෙකි. ඔහු ගෝඨාභය රාජපක්ෂ සිය සත්ව උද්‍යානයට පැමිණි අවස්ථාවේ සාකච්ඡාවකද නිරතවන අතර පසුව ඔහු සමග සතුන් ස්පර්ශ කරමින් ඡායාරූප වලටද පෙනී සිටී.
Saif Ahmad Belhasa අනතුරුව සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම ඔස්සේ එම ඡායාරූප ප්‍රසිද්ධ කර තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top