මේ දවස්වල කළා ක්ෂේත්‍රයේ ඉන්න රංගන ශිල්පිනියන් අතරින් වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වෙලා ඉන්න රංගන ශිල්පිනියක් තමයි දසුනි සිනෙත්මා කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන දසුනි එක්ක ටිකක් කතා කරන්න, දසුනි පොඩි කාලේ ඉඳලම කලාවට පිවිසිලා හිටියා නේද..? ”මෙහෙමයි පොඩි කාලේ ඉඳලම අපේ තාත්තගේ හීනය වුනේ මාව රංගන ශිල්පිනියක් කරන එක, මම කලාවට එනවා කියලා කිසිම අදහසක් නැතුව ඉන්න කාලේ තමයි තාත්තා දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට අයැදුම් පත්‍රයක් දාලා මාව ඒ තරඟයට යොමුකළේ, මට ඒ වෙද්දී අවුරුදු තුන හමාරයි, දෙරණ ලිටිල්ස්ටාර් තරඟයෙන් පස්සේ මම දෙරණ නාලිකාවේ ඩ්‍රීම්ස්ටාර් තරඟයට සම්බන්ද වුනා, ඊටපස්සේ මට වෙළඳ දැන්වීම්වලට ආරාධනා ලැබුනා, ඒ විදියට තමයි මම රංගනයට සම්බන්ද වෙන්න පටන් ගත්තේ”
මේ දවස්වල මොනවද කරන අලුත් වැඩ ”මම මේ දවස්වල නීල පබළු ටෙලිනාට්‍යයේ වගේම රැල්ල වෙරළට ආදරෙයි කියන ටෙලිනාට්‍යයේත් රඟපානවා, ඒ වගේම දිව්‍යාදරී ටෙලි නාට්‍යවල රංගනයේ යෙදෙනවා. පහුගිය දවස්වල ෆිල්ම් දෙකක ප්‍රධාන චරිතවලට රංගන දායකත්වය ලබා දුන්නා, ඒ වගේම මේ දවස්වල අලුත් ටෙලිනාට්‍ය දෙකක රඟපාන්න පිටපත් බාර අරගෙන තියෙනවා, ඒ වගේම ෆිල්ම් එකකටත් රඟපාන්න ආරාධනා ලැබිලා තියෙනවා, ඒවා තමයි අලුත් වැඩ”
දසුනි ඔබ කරන වැඩ ගැන තීරණ ගන්නේ තනිවමද..? ”මම නෙවෙයි තීරන ගන්නේ, අම්මා තමයි මගේ වැඩ ගැන තීරණ ගන්නේ, මට තාම වයස 17යි, ලොකුවට පෙනුනට මම තාම පුංචි කෙල්ලෙක්, ආරාධනා ලැබුනම මම කරන්නේ ඒ පිටපත අම්මට දෙනවා, අම්මා ඒක බලල ගැලපෙනවනම් අම්මා කියනවා ඒවා බාරගන්න කියලා”
තරුවක් විදියට දිගටම ඉන්නද දසුනිගේ අදහස, ”මගේ බලාපොරොත්තුව තමයි හොඳ කළා කලාකාරියක් වෙනවා වගේම මම හොඳ ජොබ් එකක් කරන්නත් බලාපොරොත්තු වෙනවා, හැබැයි මම තාම ඒ ගැන තීරණය කරලා නෑ, හැබැයි අද වෙද්දී මම කළා ක්‍ෂේත්‍රයේ හොඳ තැනක ඉන්නවා, මේ වෙද්දී මම වෘත්තීය මට්ටමෙන් රංගන ශිල්පිනියක්,