උදයකාන්ත වර්ණසූරිය මහතාගේ ගින්දරී 3 සිනමා නිර්මාණය හරහා කාගේත් ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි චුලක්ෂි රණතුංග කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, චුලක්ෂි කොහොමද ගින්දරී 3 රංගනයට ලැබෙන ප්‍රතිචාර ”මම රංගනයෙන් දායකත්වය ලබා දෙන්නේ ගින්දරී සිනමාපටයේ මෞද්රි කියන චරිතයට, ගින්දරී කියන්නේ මනක්කල්පිත, රොමෑන්ටික්, ෆැන්ටසි, ෆිල්ම් එකක්, මේ වගේ ඒවා ලංකාවේ හැදෙනවා ගොඩක් අඩුයි, පිටරට සිනමාපට ගත්තොත් ඒ සිනමාපටවල ඇවටර්, වොන්ඩර් වුමන්, බැට් මෑන්, වගේ ඒවා ලංකාවේ ගොඩක් ජනප්‍රියයි, ඉතින් ඒවත් එක්ක බලද්දී මේ සිනමාපටය ගැන අපි ආඩම්බර වෙන්න ඕන. මේ සිනමාපටයේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා,”
රූගත කිරීම් වලදී අමතක නොවන රසබර සිදුවීම් එහෙම වෙලා ඇති නේද..? ”මෙහෙමයි රූගත කිරීම්වලට සම්බන්ද වෙන්න තිබ්බේ පිටකොටුවේදී, පිටකොටුව කියන්නේ බොහොම ජනාකීර්ණ ප්‍රදේශයක් නේ, ඉතින් අපිට තියෙන කොස්ටියුම් එහෙම ඇඳගෙන ඉන්න ගොඩක් අමාරුයි, ෂූටින් කරද්දී පොඩි පොඩි වෙනස්කම් කරන්න සිද්ද වුනා, ඒ වගේම ලොකු අභියෝග ගොඩකට මුහුණ දුන්නා, අපිට රඟපාන්න තිබ්බේ යක්ෂ චරිත, හැබැයි පහසුකම් තිබ්බනම් මීටවඩා හොඳට කරන්න තිබ්බා”
ඔබට අධ්‍යක්ෂකවරයාගෙන් ලැබුන සහයෝගය කොහොමද..? ‘අධ්‍යක්ෂකවරයා මුලින්ම කිව්වේ මට මේ චරිතය කරලා දෙන්න කියලා විතරයි, මේ ෆිල්ම් එකේ මට දෙබස් කියන්න තියෙන්නේ ගොඩක් අඩුවෙන්, හැබැයි මම දන්නවා මේ ෆිල්ම් එක සාර්ථක වෙනවා කියලා, උදයකාන්ත කියන අධ්යක්ෂවරයාගේ ‘ගිනිමල් පොකුරු’ කියන සිනමාපටයටත් මම සම්බන්ද වුනා, ඇත්තම කියනවනම් අධ්‍යක්ෂක ගැන මම කතා කවනවද වඩා හොඳයි එතුමාගේ නිර්මාණ බලන ප්රේක්ෂකයන්ගෙන් අහන එක”

චුලක්ෂි ඔබ ක්ෂේත්රය දකින්නෙ කොහොමද..? ”සිනමාව කියන්නේ මම ආසා කරන හරිම ලස්සන තැනක්, ඒ වගේම ආතතිය නැති කරගන්න පුළුවන් සුන්දර තැනක්, හැබැයි මේ වෙද්දී අපේ සිනමා ක්ෂේත්රය කඩා වැටිලා තියෙන්නේ, ඒ වගේම මේ දවස්වල සිනමාශාලා වැසීගෙන යනවා, පසුගිය කාලයේ සිදුවෙච්ච දේවල් නිසා මේ ක්ෂේත්රය හොඳටම කඩා වැටුනා, අනාගතේදී අපේ සිනමා කර්මාන්තය සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා, මොකද හොඳ ෆිල්ම් ගණනාවක්ම ඉදිරියේදී එන්න තියෙනවා”
නිරූපන ශිල්පිනියක විදියට නිරූපන ක්ෂේත්රය ගැන මොකද හිතන්නේ ”මෙහෙමනේ අපි හැමදේම බලන්නේ සමානාත්මක තත්වයකින්, ලංකාව ජාත්‍යන්තරය එක්ක සසඳලා බලද්දී අපිට එතනට යන්න පහසුකම් තිබ්බත් ඒ තැනට ලන්ගාවෙන්න ගොඩක් අමාරුයි, ලංකාවේ රංගන ශිල්පිනියක් හෝ නිරූපිකාව ජාත්‍යන්තරය නියෝජනය කරද්දී ගොඩක් බාදා එනවා, විශේෂම හේතුව තමයි ලංකාවේ ගොඩක් අය තාම ඉන්නේ දූපත් මානසිකත්වයෙන්, ඒ අය තාම ඒකෙන් මිදිලා නෑ, කෙනෙක්ට ජාත්‍යන්තරයට යන්න ඕන නම් ලංකාව දාලා යන්නම ඕන නැතුව ගොඩ එන්න අමාරුයි”