ගොවීන්ට නොමිලේ ලබා දෙන පොහොර සඟවාගෙන සිටි අයෙක් අත්අඩංගුවට

ගොවීන්ට නොමිලේ බෙදාදීම සඳහා රැගෙනවිත් තිබූ පොහොර තොගයක් සඟවාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (11) මහකළුගොල්ල පොලිස් වසමේ හෙලමුල්ල, දෙමෝදර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ වැටලීම එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සතුව තිබී යුරියා කිලෝග්‍රෑම් 50 පොහොර මිටි 12ක් සහ බයෝග්‍රීන් ෆාම් වර්ගයේ ලිටර් 01 ප්‍රමාණයේ දියර පොහොර කෑන් 536ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු තලපලකන්ද, බෙරලපනාතාර ප්‍රදේශයේ වයස අවුරුදු 57ක පුද්ගලයකි.

ඔහු  වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහකළුගොල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top