ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවති පළමු එක්දින තරගයේදී ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මදුශංක අද පැවැත්වෙන දෙවන තරගයට ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
පළමු තරගයේදී ඩිල්ෂාන් මදුශංක පන්දුවක් රැකගැනීමට උත්සාහ ගත් අවස්ථාවේ අත බිම වැදීමෙන් මෙලෙස දකුණු උරහිසේ ආබාධයකට ලක්ව ඇත.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින ක්‍රිකට් තරගය කොල්කටා හි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රිඩාංගණයේදී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත.
තරගය පස්වරු 01.30ට ආරම්භ වන අතර මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක වනු ඇති.
ඒ දෙරට අතර පැවති පළමු තරගය ලකුණු 67කින් ජයගෙන ඉන්දීය කණ්ඩායම තරගාවලියේ පෙරමුණ ගෙන සිටීම හේතුවෙනි.
කොල්කටා හි ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රිඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්දින තරග 05කට සහභාගී වී තිබේ.
ඉන් තරග 03ක් ඉන්දියාවත් එක් තරගයක් ශ්‍රී ලංකාවත් ජයගෙන ඇත.
මෙහි ඇති අනෙක් විශේෂත්වය වන්නේ එම ක්‍රීඩාංගණයේදී 1997 වසරෙන් පසුව ශ්‍රී ලංකාව කිසිදු තරගයක් ජයගෙන නොතිබීමය.
ඒ අනුව අද ශ්‍රී ලංකා කණ්ඩායමට වසර 26කට පසුව සුවිශේෂී ජයග්‍රහණයක් බලාපොරොත්තුවෙන් පිටියට පිවිසීමට නියමිතය.
මේ අතර අද තරගයට බොහෝදුරට එක්විය හැකි කණ්ඩායම් විදෙස් ක්‍රීඩා මාධ්‍ය මෙලෙස වාර්තා කර තිබුණි.
1 Pathum Nissanka
2 Avishka Fernando
3 Kusal Mendis (wk)
4 Charith Asalanka
5 Dhananjaya de Silva
6 Dasun Shanaka (capt)
7 Wanindu Hasaranga
8 Dunith Wellalage
9 Chamika Karunaratne
10 Kasun Rajitha
11 Lahiru Kumara