මම මේ අවුරුද්දේ බඳින්න හිතාගෙන ඉන්නේ

පුංචි තිරයේ හමොඑම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර රංගන ශිල්පිනියක් තමයි ගීත්මා බණ්ඩාර කියන්නේ, ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන සංගීතේ ටෙලිනාට්‍යයේ අසෙනි විදියට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න ගීත්මා බණ්ඩාර සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ, ගීත්මා මොනවද අලුත් අවුරුද්දේ වැඩ කටයුතු..? ”මේ අවුරුද්දේ බාර අරගෙන තියෙන වැඩ ටික කරගෙන යනවා, ඒ වගේම තව ෂූටින් පටන් ගන්න තියෙන නිර්මාණ කිහිපයක්ම තියෙනවා, ඒ වගේම අලුත් අවුරුද්දේ නිර්මාණ ගොඩකට ආරාධනා ලැබුනා ඒ දේවල් ගැනත් ටිකක් හිතලා බලන්න ඕන, ඉතින් ඕවා තමයි අලුත් අවුරුද්දේ වැඩ”

ගීත්මා මේ ක්‍ෂේත්‍රයට එන්නේ අවුරුදු කුමරිය තරඟය හරහා, ඉතින් එතනින් පටන්ගත්ත මේ ජීවිතේ ගැන දැන් මොකද හිතෙන්නේ..? ”මේ ජීවිතේ ගැන මම සියයට සියයක්ම තෘප්තිමත්, ඇත්තම කියනවනම් අවුරුදු කුමරිය තරඟයට යද්දී මට එතනින් එහාට ජීවිතයක් ගැන හිතලවත් තිබ්බේ නෑ, ඒ කාලේ මගේ අනාගත බලාපොරොත්තු කිසිම දෙයක් තිබ්බේ නෑ, ඒ කාලේ මට නිරූපන ක්‍ෂේත්‍රයට කිසිම කැමැත්තක් තිබ්බේ නෑ, මේ ක්‍ෂේත්‍රයට එද්දී මම රඟපාන්න දැනගෙන හිටියේ නෑ, මට ඕන වුනේ හොඳට ඉගන ගන්න, මම නිලියක් වෙන්න හීනෙකින්වත් හිතුවේ නෑ, හැබැයි අවුරුදු කුමරිය තරඟය මෙගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කළා”

ආදරේ ගැන ගීත්මා හිතන්නේ මොනවද..? ”මට හිතෙන විදියට ආදරේ කියන්නේ හැමෝම ආදරේ කරන මානුෂීය හැඟීමක්, හැමෝම ලබාගන්න කැමති හැඟීමක්, සමහර වෙලාවට ඒක අනිත් අය දකින්නේ මමත්වය විදියට, සමහර අය ආදරේ කියන්නේ අනෙකා නීති දාලා සීමා කරන එකට, හැබැයි මම ආදරේ දකින්නේ එහෙම නෙවෙයි, මම ආදරේ දකින්නේ අවබෝදය රැකවරණය ඇති තැනක් විදියට, මම ලබන ආදරේ හරිම සුන්දරයි”

ගීත්මා දැන් පෙම්වතියක් නේ ඉතින් කොහොමද ඒ ආදරේ පටන් ගන්නේ, ” අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගන්නේ මීට අවුරුදු තුනකට විතර කලින් ඉඳලා, ඒ සිදුවීම සිදුවුනේ අහම්බෙන්, අපි දෙන්නා හොඳම යාළුවො වුනා, හැබැයි අපි දෙන්නා ආදරේ කරාවි කියලා අපි දෙන්නම හිතුවේ නෑ, එයයි මමයි ක්ෂේත්‍ර දෙකක, හැබැයි අපි දෙන්නා අදහස්වලින් එක තැනකට ආවා, එයා ලොකු ව්‍යාපාරිකයෙක්, එයා මගේ ගමනට ලොකු සහයෝගයක් දෙනවා, මම හිතන්නේ මට හරිම කෙනා ලැබිලා කියලා, බොහෝවිට මේ අවුරුද්දේ නැත්තන් ලබන අවුරුද්දේ විවාහ වේවි,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top