සංචාරකයින් සඳහා නැවත වරක් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කෙරේ

මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා යළිත් කොවිඩ් මාර්ගෝපදේශ නිකුත් කළ බව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

ඒ අනුව මෙරටට පැමිණෙන එන්නත් ලබා නොගත් සංචාරකයින් පැය 72ක් තුළ ලබාගත් PCR වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව එම මාර්ගෝපදේශවල සඳහන් වෙනවා.

එමෙන්ම එන්නත් ලබාගෙන ඇත්නම් එන්නත් කාඩ්පත ඉදිරිපත් කළ යුතු බවත් අධිකාරිය විසින් පළ කළ නිවේදනයේ සඳහන් වනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන් මත සෞඛ්‍ය අමාත්‍යං‍ශයේ මඟ පෙන්වීම යටතේ මෙම ක්‍රියාවලිය සිදුවන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top