වෛද්‍ය චමල් සංජීව ගැන හදිසියේ ගත් තීරණය

මෙරට මන්ද පෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම හේතුවෙන් දැනට වැඩතහනමට ලක්ව සිටින වෛද්‍ය චමල් සංජීව මහතා පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාර්තාවක් කැඳවීමට පාර්ලීමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව එම වාර්තාවෙන් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව වාර්තා වේ.

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තුවේ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභා කාර්යංශය සඳහන් කළේ, අදාළ පෙත්සම කාරක සභාවේ සලකා බැලීමෙන් අනතුරුව පසුගිය මස 5 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවය.

ඒ අනුව පෙත්සමේ කටයුතු ඉදිරියට සිදුකරගෙන යාම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් වාර්තාවක් කැඳවීමටද කාරක සභාව තීරණය කර තිබේ.

එම වාර්තාව ලැබීමෙන් පසු පෙත්සමේ ඉදිරි කටයුතු සිදුකරන බව මහජන පෙත්සම් පිළිබඳ කාරක සභා කාර්යංශය සඳහන් කළේය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ද පෝෂණ තත්ත්වය ඉහළ ගොස් ඇති බවට සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩතහනමට ලක්කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top