ඊයේ රාත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමෙන් සජීවි වීඩියෝවක් සඳහා එක්ව සිටි අතර එහිදී ලැබුණු ප්‍රතිචාර පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ නිර්මාණ හුවමාරු වෙමින් පවතිනවා.
මේ අතර මීට ටික වෙලාවකට පෙර නාමල් රාජපක්ෂ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ , තමන්ට ඊයේ කාල වේලාව මදි වීම නිසා පිළිතුරු ලබාදීමට නොහැකි ප්‍රශ්න වෙනුවෙන් පිළිතුරු ලබා දීම සඳහා ඉතා ඉක්මනින්ම තවත් දිනෙක මෙවැනි සජීවි වීඩියෝවකින් හමු වීමට බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම ඔහු විසින් මෙම පෝස්ට් එක සඳහා යොදාගෙන තිබුනේද #GoNivanNamal #නිවන්සුව #පොඩිමයිනා යන හෑශ් ටැග් වීම විශේෂයි.
එම සටහන පහතින්.
ඊයේ රාත්‍රියේ මගේ ෆේස්බුක් පිටුව හරහා පැයකටත් වඩා වැඩි කාලයක් තිස්සේ සජීවී සංවාදයට සහභාගි වූ මිතුරු සහ පසමිතුරු සියලුදෙනාටම ස්තුතියි. කාලය මදි නිසා පිළිතුරු දීමට නොහැකිවූ සියලුම ප්‍රශ්න වලට මේ සතිය තුල පිළිතුරු සපයන්නම්.
ඉතා නුදුරු දිනකදීම නැවතත් මෙවැනිම සජීවී සංවාදයකින් ඔබ සමග අදහස් හුවමාරු කරගැනීමට මා බලාපොරොත්තු වෙමි.
නාමල් රාජපක්ෂ
#GoNivanNamal #නිවන්සුව #පොඩිමයිනා