උසස් පෙළ විභාග සමයේ විදුලිය කප්පාදු නොකරන ලෙස ඉල්ලීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හි දී විදුලිය කප්පාදු නොකරන ලෙසට අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උසස් පෙළ විභාගය බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා විදුලි සැපයුම අවශ්‍ය බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර සඳහන් කළේ.

මේ වන විට ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top