ලොව විශාලතම මැඩියා

ඉතා විශාල මැඩියෙකු ඔස්ට්‍රේලියාවේ වැසි වනාන්තරයකින් හමුවී තිබේ.

වනජීවී නිලධාරීන් පවසන්නේ “Cane Toad” නම් වර්ගයට අයත් එම සතා සාමාන්‍ය මැඩියෙකුට වඩා 6 ගුණයක් විශාල බවත් බරින් කිලෝ 2.7ක් පමණ වන බවත් ය.

එය ලෝක වාර්තාවක් වියහැකි බව එරට පරිසරවේදීන් පවසයි.

“Toadzilla” ලෙස නම්කර ඇති එම මැඩියා ව වනාන්තරයෙන් ඉවතට ගෙනයෑමට නිලධාරීන් කටයුතු කර තිබේ.

මැඩියන් විශේෂ ඔස්ට්‍රේලියාවට හඳුන්වාදී ඇත්තේ 1935 දීය.

ඉතා හානිකර පලිබෝධකයෙක් ලෙස මැඩියා සැලකෙයි.

එරට තුළ බිලියන 2ක පමණ මැඩියන් ගහනයක් ඇතැයි පැවසෙයි.

මෙතෙක් හමුවී ඇති විශාලතම මැඩියා හමුවී තිබුණේ ස්වීඩනයෙනි.

උගේ බර කිලෝ 2.65කි.

එය මෙතෙක් පවතින ගිනස් වාර්තාවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top