නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ සිදු වූ අනතුරත් සමග ගත් තීරණය

නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන ධාවනය තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබෙ.

නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතා පැවසුවේ අධික බෑවුම් සහිත එම මාර්ගයේ අනතුරු ගණනාවක් වාර්තා වීම හේතුවෙන් එම පියවර ගත් බවය.

පාසල් ළමුන් රැගත් බස් රථයක්, වෑන් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටීමෙන් ඊයේ (20) රිය අනතුරක් සිදුවූ අතර ඉන් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.

සිසුන් 41ක් ඇතුළුව 53 දෙනෙකු එම අනතුරින් තුවාල ලැබූ අතර ඔවුන් නුවරඑළිය රෝහලේ ප්‍රතිකාර ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back To Top