2023 වසර ආරම්භ වීමත් සමග කළා ලෝකයේ වැඩිම කතාබහකට ලක්වුන චරිතයක් තමයි කේ. සුජීවා කියන්නේ, ඒකට හේතුව තමයි මේ අවුරුද්ද පටන් ගත්න කොටම සුජීවා වැඩ ආරම්භකරේ රිය අනතුරක් සමග, ඉතින් මේ දිනවල හැමෝම අතර කතාවෙන මේ කතාව ගැන වගේම සුජීවාගේ ඉදිරි වැඩ ගැන කතා කරන්න අපි සම්බන්ද කරගත්තා ඇයව, සුජීවා ගොඩක් ජනප්‍රිය වුනා නේද මේ අවුරුද්ද පටන්ගද්දීම ”අම්මෝ ඔව් එක රැයකින් මම ගැන හැමෝම කතා වෙන්න පටන් ගත්තා, රටේ හැම චැනල් එකකම හැම නිවුස් එකකම ප්‍රධාන මාතෘකාව වුනේ මාව, ගූගල් එකේ කේ අකුර ටයිප් කරපුගමන් එන්නේ කේ සුජීවා කියලා, ඒ තරමට මම එක රැයෙන් ලංකාවේ ප්‍රසිද්ධ වුනා”
සුජීවා ඒ වෙලාවේ ගොඩක් කලබල වුනා නේද..? ”මෙහෙමයි මගේ ළමයි දෙන්නට අම්මා තාත්තා දෙන්නම වුනේ මම, කවුදෝ කෙනෙක් මගේ ළමයිට නරක විදියට බනිද්දි ඕනෑම මනුස්සයෙක් ප්‍රතිචාර දක්වන විදියට තමයි මමත් ප්‍රතිචාර දැක්වුවේ, මම ප්‍රසංගයකට යන ගමන් තමයි ඒ වෙලාවේ හිටියේ, මට ගැටුමක් ඇතිකරගන්න ඕන කමක් තිබ්බේ නෑ, ඒ සිදුවීම සාමකාමීව නිරාකරණය කරගන්න එයා ඉදිරිපත් වුනානම් මමත් ඒ විදියට ප්‍රතිචාර දක්වනවා, මම එහෙම හේතුවක් නැතුව කලබල වෙන කෙනෙක් නෙවෙයි”
ආගමට දහමට ගොඩක් නැඹුරු කාන්තාවක් විදියට මීටවඩා සාමකාමී වුනානම් හොඳයි කියලා හිතෙන්නේ නැද්ද, ”මෙහෙමනේ කෙනෙක් පහරදෙන්න පනිද්දී කරන්න තියෙන්නේ දුවන එක එහෙම නැත්තන් එකෙන් බේරෙන එක, ඔන්න මම බීමතින් හරි වැරදි විදියකට ඉඳලා හරි නම් කමක් නෑ, මේ සිදුවීම ගැන කියලා හිනාවෙන අයගෙන් මම අහන්නේ මම හිටපු තැන ඔයා හිටියනම් මොකද කරන්නේ, මම ආගමට දහමට ගොඩක් ලැදි කෙනෙක් තමයි මම සිල් ගන්නවා, බණ අහනවා, එහෙමයි කියලා මම රහත් වෙලා නෑ, මම ඒ වෙලාවේ හැසිරුනේ සාමාන්‍ය මනුස්සයෙක් විදියට කියන්න ලැජ්ජයි කාන්තාවකට අපහාස කරන්න ඔය සමහර වීඩියෝවලට හඬ ලබාදෙන්නෙත් කාන්තාවක්.”
සුජීවා වගේම ළමයි දෙන්නත් බුද්ධාගම වැළඳ ගෙනද ඉන්නේ, ”මගේ තාත්තා හින්දු භක්තිකයෙක්, ඒ වගේම මගේ අම්මා කතෝලික, ඒ දෙදෙනා ආගම් දෙකක නිසා ඒ දෙන්නටම ඕන වුනා ඒ දෙන්නගේ ආගම්වලට මාවත් ගන්න මට ඒක ලොකු වදයක් වුනා, මම මගේ දරුවන්ට කිසිම දෙකට බල කරන්නේ නැහැ, හැබැයි මගේ කාමරේ පැය විසි හතරේම රේඩියෝවේ බණ දාලා තියෙන්නේ, දරුවන් ඒවා අහනවා, ඒ අය පැහැදීමෙන් ඉන්නේ, හැබැයි මම එයාලට බල කරන්නේ නෑ”